ජනපතිට තර්ජනය කළ තරුණයා යළි රිමාන්ඩ්

Image caption "ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළකෙරෙන අදහස්වලට එරෙහිව නඩු පැවරිය හැකි වලංගු නීතියක් ශ්‍රී ලංකාව තුළ නැහැ"

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකයාට මරණ තර්ජන එල්ල කළ බවට චෝදනා ලත් තරුණයා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කරයි.

දිනූෂ චාමර නමැති මෙම තරුණයා අද (දෙසැ. 29) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කර තිබුණි.

දින විස්සකට වැඩි කාලයක් රිමාන්ඩ්භාරයේ පසුවන සැකකරුට ඇප නියම කරන ලෙස විත්තියේ නීතිවේදියා මෙහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

වලංගු නීතියක්

විත්තියේ නීතිවේදියා අධිකරණයට අවධාරණයකර සිටියේ ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළකෙරෙන අදහස්වලට එරෙහිව නඩු පැවරිය හැකි වලංගු නීතියක් ශ්‍රී ලංකාව තුළ නොමැති බවය.

කෙසේ වෙතත් මෙම ඇප ඉල්ලීම හෙට දින ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ කරන්නැ'යි දැනුම් දුන් අධිකරණය එතෙක් සැකකරු රිමාන්ඩ්භාරයේ තැබීමට නියෝග කළේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර