තාජුදීන් ඝාතන පරීක්‍ෂණය නව දිශාවකට

Image caption තාජුදීන් ඝාතනය වූ දිනයේ ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ තවත් පුද්ගලයෙකු ගමන් ගෙන ඇති බවයි පොලීසිය පවසන්නේ

රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනයවූ දිනයේ ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ ගමන්ගත් පුද්ගලයෙකු පිළිබඳව පරීක්ෂණ අරඹා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

අදාළ පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී පොලිසිය අධිකරණයට දන්වා සිටියේ වසීම් තාජුදීන් ඝාතනය වූ බව කියන දිනයේ ඔහුගේ වාහනයේ පිටුපස අසුනේ ගමන් ගත් පුද්ගලයෙකු පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන ඇති බවය.

ඒ පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පැවසූ පොලීසිය වසීම් තාජුදින්ගේ සහෝදරයෙකුට බලපෑම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකාර පොලිස් පරීක්ෂක සුමිත් පෙරේරා ගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බව ද දන්වා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු අධිකරණය සැකකරුවන් ලෙස ඉදිරිපත් කර තිබෙන හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ පොලිස් පරික්ෂක සුමිත් පෙරේරා ලබන 19 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියෝග කළේය.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර