anura
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

අනුර කුමාරට ෆයිසර්ගෙන් පිළිතුරු

සඳුදා (ජන. 09) පැවති පක්‍ෂ නායක රැස්වීම පිළිබඳ තොරතුරු පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆාගේ උවමනාව මත විකෘති කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා චෝදනා කරයි.

ජනතා විමුක්ති පෙරමුණ එල්ලකළ චෝදනාවට ප්‍රතිචාර දක්වමින් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා බීබීසී සංදේශයට කියා සිටියේ තමා අදාළ රැස්වීම පිළිබඳව කිසිදු තොරතුරක් විකෘතිකර නොමැති බවය.

අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා සහ ෆයිසර් මුස්තාෆා ඇමතිවරයා සමඟ කළ සාකච්ඡාවට සවන් දෙන්න.