මගෝඩිස්තුමා චරිතය යුගයේ අවශ්‍යතාවක් - කැමිලස්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

'මගෝඩිස්තුමා' යුගයේ අවශ්‍යතාවක් - කැමිලස්

සිනහවෙන්නට කැමති සියලු දෙනා තමා නිර්මාණය කළ කාටූන් චරිත ඉතා කැමැත්තෙන් වැළඳගත් නිසා ඉතා සාර්ථක ගමනක් පැමිණීමට හැකිවූ බව ප්‍රවීණ දේශපාලන කාටූන් චිත්‍රශිල්පී කැමිලස් පෙරේරා පවසයි.

ජනතාවට ලබාදීමට අවශ්‍යවූ පණිවුඩය හැමවිටම 'සිනහවත්' සමග ලබාදීමට හැකිවීම තමා නිර්මාණය කළ චරිතවල විශේෂත්වය බව ඔහු සඳහන් කළේ බීබීසීයේ අසාම් අමීන් සමග සංවාදයකට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ දේශපාලනයේ යෙදී සිටින ඇතැම් පුද්ගලයන්ට පහරවදින දේ තමා නිර්මාණය කළ නමුත් එම දේශපාලනඥයන් පවා සිනහගැන්වෙන අයුරින් ඒවා නිර්මාණය කිරීම හේතුවෙන් මේ දක්වා කිසිවෙකු තමා සමග උරණවී නැති බවද ඔහු පැවසීය.

දිවියෙන් සමු ගත් දයා රාජපක්‍ෂ

කාටූන් ශිල්පියා දුටු දිල්ලි මැතිවරණය

නවපරපුරේ දක්ෂ කාටූන් ශිල්පීන් රැසක් සිටින බව සඳහන් කළ කැමිලස් පෙරේරා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ රටේ තොටේ පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් සිදුවන දෑ පිලිබඳ අවධියෙන් සිට දැනුම වර්ධනය කරගන්නා ලෙසය.

කැමිලස් පෙරේරා සමග පැවති සාකච්ඡාව ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.