මාතර සත්‍යග්‍රහය
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

හම්බන්තොට: භික්ෂූන් වහන්සේ මාතර සත්‍යග්‍රහයක

හම්බන්තොට කර්මාන්ත පුරය වෙනුවෙන් ඉඩම් අත්පත් කරගැනීමට සහ එයට එරෙහිව උද්ඝෝෂණය කළ භික්ෂූන් වහන්සේට පහරදීමට විරෝධය පළකරමින් භික්ෂූන් වහන්සේ සිය ගණනක් මාතරදී සත්‍යග්‍රහයක නිරතව සිටියහ.

මාතර බෝධිය ඉදිරිපිටට රැස් වූ භික්ෂූන් වහන්සේ එහිදී ආගමික වතාවත් පවත්වා පසුව මාතර බස්නැවතුම් පොළ දක්වා වැඩම කර සත්‍යග්‍රහයක නියැලුණු බව එය වාර්තා කරමින් සිටි මාධ්‍යවේදී ප්‍රියාන් ද සිල්වා බීබීසී සංදේශයට පැවසීය.

එහිදී සංදේශය සමග කරුණු පැහැදිලි කළ බදුල්ල දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලයේ උප සභාපති ගලකඩගල පේමරත්න හිමියන්, සාමකාමීව උද්ඝෝෂණයේ යෙදුනු තමන් ඇතුළු භික්ෂූන් වහන්සේට හම්බන්තොටදී පහරදීමට එරෙහිව සත්‍යග්‍රහයේ නිරත වූ බව සඳහන් කළහ.

නාමල් රාජපක්ෂ, ඩලස් අලහප්පෙරුම, ඩීවී චානක සහ බන්ධුල ගුණවර්ධන මන්ත්‍රීවරුන්ද ඒ අවස්ථාවට එක්වී සිටියහ.