'මුතුරාජවෙල  රක්ෂිතයේ  පරිසර විනාශයක්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුතුරාජවෙල රක්ෂිතයේ 'පරිසර විනාශයක්'

මුතුරාජවෙල රක්ෂිතයේ ඉඩම් ගොඩ කිරීමට විරෝධය පළකරමින් සහ ගොඩ කිරීමට සහය පළකරමින් අද ජා ඇල දඬුගම ප්‍රදේශයේදී උද්ඝෝෂණ දෙකක් පැවැත්විණි .

ඉඩම් ගොඩ කිරීමට විරෝධය පල කරමින් පසුගිය කාලය පුරා අවස්ථා ගණනාවක දී විරෝධතා පැවතී අතර, මේ හේතුවෙන් පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයාගේ අවධානය මේ සඳහා යොමුවිණි .

මේ ක්‍රියාව හේතුවෙන් දැඩි පරිසර විනාශයක් සිදුවන අතර ජා- ඇල ඇතුළු ගම්මාන රැසක ජනතාවට ගංවතුර තර්ජනයකට මුහුණ දීමට සිදුවන බව මුතුරාජවෙල පරිසර පද්ධතිය අරක්ෂා කරගැනීම වෙනුවෙන් පෙනී සිටින පරිසරවේදීන් ඇතුළු ගම්වැසියෝ පෙන්වා දුන්හ.

ශ්‍රම අභිමානි කේන්ද්‍රයේ අධක්ෂ සරත් ඉද්දමල්ගොඩ පියතුමා ප්‍රකාශ කළේ, නිත්‍යානුකුල නොවන අයුරින් සිදුකරන මෙවැනි ගොඩකිරීම් හා පරිසර විනාශයන් පිලිබඳව බලධාරීන් නිහඬව සිටීම ගැටලුවක් බවය.

මෙම විරෝධතාවයට ගම්පහ දිස්ත්‍රික්කයේ පක්ෂ සහ විපක්ෂ දේශපාලකයන්ට ආරාධනා කර තිබුණද, රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් ඒම උද්ඝෝෂණයට පැමිණී සිටි බව උද්ඝෝෂණ සංවිධායකවරු පවසති.

ජනාධිපතිවරයාගේ දැනුම්දීම මත තමා පැමිණිබව පැවසූ රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙම ස්ථානයේ විශාල පරිසර විනාශයක් සිදුවී තිබෙන බවත් පෙන්වා දුන්නේය.

පරිසරය විනාශ කර සිදුවන කුමන හෝ සංවර්ධනයක් පළක් නොවන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.