"මන්ත්‍රීකමත් අතහැරියොත් තවත් ස්වාධීනයි"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"මන්ත්‍රීකමත් අතහැරියොත් තවත් ස්වාධීනයි"

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් කිසිදු පක්ෂයකට සම්බන්ධ නොවී ස්වාධීනව සිටීමට ගත් ස්ථාවරය ඉතා යහපත් නමුත් එය වඩාත් අර්ථවත් වන්නේ එහිමියන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන්ද ඉල්ලා අස්වුවහොත් පමණක් බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

ජාතික හෙළ උරුමයේ හිටපු නායකයකු ද වන ඕමල්පේ සෝභිත හිමියන් ඒ බව සඳහන් කළේ මින් අනතුරුව පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙසින් ක්‍රියාකරන බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය පිළිබඳව ප්‍රතිචාරය පළකරමිනි.

"රතන හිමියන්ගේ ස්වාධීනත්වය පිළිබඳ පියවර අගය කරනවා,"සෝභිත හිමියෝ පැවසූහ.

"හැබැයි ඒ ස්වාධීනත්වය අර්ථවත් වෙන්නේ තමා දරන මන්ත්‍රී ධුර ආදියෙනුත් නිදහස් වෙලා ස්වාධීන වීමෙනුයි."

කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස ද කටයුතු කළ ඕමල්පේ සෝභිත හිමියෝ, පාර්ලිමේන්තු මන්ත්‍රී පදවියෙන් ඉල්ලා අස් වී පසුව පක්ෂයේ සභාපති ධුරයෙන් ද ඉවත්වූහ.