ශ්‍රිලංකාවේ ප්‍රථම ඇමරිකානු තනාපතිවරයා සොහොන ගාල්ලේ සොයාගනී
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පළමු ඇමරිකානු තානාපතිගේ සොහොන් කොත ගාල්ලේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම ඇමරිකානු තානාපතිවරයා ලෙස කටයුතු කළ ජෝන් බ්ලැක්ගේ සොහොන් කොත පිහිටි ස්ථානය හඳුනා ගත් බව ඇමරිකානු තානාපති කාර්යාලය පවසයි.

2016 වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකානු තානාපති කාර්යාල නිලධාරීන් පිරිසක් විසින් ගාල්ල නගරය මධ්‍යයයේ පිහිටි අත්හැර දමන ලද සියලු සාන්තුවරුන්ගේ සුසාන භූමියේ තිබී තානාපතිවරයාට සහ ඔහුගේ බිරිඳට අයත් සොහොන් කොත් සොයා ගැනුණු බව ඇමරිකානු තානාපති කාර්යාලය වැඩිදුරටත් කියා සිටියේය.

ජෝන් බ්ලැක් තානාපතිවරයාට අයත් සොහොන් කොතේ ඔහු මියගිය දිනය ලෙස 1869 පෙබරවාරි 17 වැනිදා වශයෙන් සටහන් කර ඇති අතර, 1905 සැප්තැම්බර් 13 ඔහුගේ බිරිඳ මියගිය දිනය ලෙස නම් කොට ඇත.

ඇමරිකානු තානාපති කාර්යාලයේ මෙහෙයවීමෙන් සොහොන් කොත් පිහිටි භූමිය ඇමරිකානු නාවික හමුදාවේ මැරීන් සෙබළුන් පිරිසක් විසින් අද (ජන.21) උදෑසන ශුද්ධ පවිත්‍ර කරනු ලැබිණ.

ලන්දේසි යුගයට අයත් සුසාන භූමිය වර්තමානයේ ප්‍රයෝජනයට නොගන්නා බවත් එම භූමිය ස්මාරකයක් ලෙස පවත්වා ගෙන යන බවත් ගාල්ලේ අනුනායක සුනිල් ෆර්ඩිනැන්ඩ්ස් පියතුමා සඳහන් කළහ.