harin
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"කියන්න ගිහිල්ලා ඉල්ලන් කනවා"

චීනය සමග හම්බන්තොට වරාය ගිවිසුම අත්සන් කර ඩොලර් බිලියන පහක් රට තුළට පැමිණීමෙන් පසු ශ්‍රී ලංකාව පිළිබඳ සියලු සෘණාත්මක මුල්‍ය වාර්තා ධනවනු ඇතිබව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ආමාත්‍ය හරින් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේබව කියා සිටියේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ස්විස්ටර්ලන්තයේ ලෝක ආර්ථික සමුළුව සහභාගිවීමෙන් රටට හිමිවන ප්‍රතිලාභ ගැන අදහස් පළකිරීම සඳහා පැවති මාධ්‍ය හමුවකදීය.

ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ජාත්‍යන්තරය ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු මෙහිදී කැමැත්ත පළකර ඇති බව අමාත්‍යවරයා පැවසුවේය.

මෙහිදී බීබීසීය අමාත්‍යවරයාගෙන් විමසුවේ ශ්‍රී ලංකාව මේවනට ආයෝජන සඳහා දැඩි අවදානම් සහිත රටක් බවට පලවී ඇති වාර්තා සම්බන්ධයෙනි.

එයට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පැවසුවේ චීනයත් සමග ඇතිකර ගන්නා ආයෝජන ගිවිසුම් සමග තත්වය යහපත් වනු ඇති බවයි.

බීබීසී යොමුකළ ප්‍රශ්නවල අමාත්‍යවරයා ලබාදුන් පිළිතුරු ඉහත වීඩියෝවෙන් නැරඹිය හැකිය.