පළාත් සභාවේ ‘තණකොළ, කොස්කොළ’
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මන්ත්‍රීවරුන්ට තණකොළ කැවීමේ තැතක්?

'කොස් කොළ, ක්‍රෝටන් කොළ හා තණකොළ' මුල්කරගනිමින් අදහස් පළකිරීම හරහා අද (ජන. 24) දකුණු පළාත් සභාව උණුසුම් විය.

ඉදිරියේදී රටේ මතුවිය හැකි ආහාර හිඟයක් පිළිබඳ පසුගියදා අදහස් පළකළ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු කොස් කොළ, ක්‍රෝටන් කොළ අනුභව කරන ලෙස ජනතාවට පැවසී යැයි සභාවට දන්වමින් එය විවේචනය කළ නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරල (එජනිස) 'කොස් කොළ, ක්‍රෝටන් කොළ' ප්‍රදර්ශනය කරමින්, විපක්ෂ මන්ත්‍රීවරුන්ට රිසි නම් ඒවායින් ව්‍යංජන සකසා දෙන්නයි සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.

තවත් මන්ත්‍රීවරයකු ද කොස් 'කොළ මාලයක්' පැළඳ සිටිනු දැකිය හැකි විණි.

මීට ප්‍රතිචාර දැක්වූ අශෝක ධනවංශ (එජාප) මන්ත්‍රීවරයා තණකොළ මිටියක් අදාළ මන්ත්‍රීවරුන් වෙත දිගුකළේ "මේ දෙන්නට සුදුසු ආහාරය මේකයි " යැයි පවසමිනි.

මේ තත්වය මැද පළාත් සභා රැස්වීම ඝෝෂාකාරී බවක් ඉසිලීය.

සබැඳි විෂයයන්