ATM සොරකම: ලන්ඩන් උපාධිධරයෙක් අත්අඩංගුවට

Image caption රුපියල් පනස්හත් ලක්‍ෂයක් සොරාගෙන ඇතිබව

පසුගියදා ලංකා බැංකුවේ මැදගම ශාඛාවේ ස්වයංක්‍රීය ට්‍රෙලර් යන්ත්‍රය (ATM) බිඳ මුදල් සොරාගැනීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවටගත් තිදෙනා අතර ලන්ඩනයේ උපාධිධාරී තරුණයෙකුද සිටින බව පොලිසිය පවසයි.

ඇමරිකාවෙන් හැකරුන් සොරකම් කළ මුදල් ලංකාවේ

මෙම ස්වයංක්‍රීය ට්‍රෙලර් යන්ත්‍රය තුළ තිබී රුපියල් පනස්හත් ලක්‍ෂයක් සොරාගෙන ඇතිබව පොලිසිය සංදේශයට ප්‍රකාශ කළේය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී ප්‍රියන්ත ජයකොඩි තවදුරටත් කියා සිටියේ සැකකටයුතු වාහනයක් පිළිබඳව වෙනත් ප්‍රදේශයකින් ලැබුණු තොරතුරක් මත සොයායාමේදී මෙම සැකකරුවන් තිදෙනා අල්ලාගැනීමට පොලිසිය සමත්වූ බවය.

අත්අඩංගුවට පත්වී සිටින ප්‍රධාන සැකකරු මීට පෙරද අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් විවිධ අවස්ථාවන්හි අත්අඩංගුවට පත්වී ඇප මත නිදහස ලබා සිටින අයෙකු බව පොලිසිය පැවසීය.

බීබීසී යෙන්