සැම්බියාවේ එළු වෙළඳාම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සැම්බියාව එළුවන් නැති රටක් වේවිද?

සිමාටා සිමාටා, සැම්බියාවේ බැංකු හිටපු නිලධාරියෙකි. ඔහු දැන් එළු ගොවිපොළක හිමිකරුවෙකි.

සැම්බියාවේ එළුවන්ට සෞදි අරාබි වෙළඳපොළේ තිබෙන්නේ ඉහළ ඉල්ලුමකි.

ඒ නිසා ඉහල ආදායමක් උපයා ගැනීම පිණිස සිය ගොවිපොළේ එළුවන් සවුදි අරාබියට අපනයනය කිරීම සිමාටාගේ බලාපොරොත්තුවයි.

"පිටරටවල එළු මස්වලට හොඳ ඉල්ලුමක් තියෙනවා. මේ රටේ එළුවෝ විකුණලා හොඳ ආදයමක් ගන්න බෑ," සිමාටා සිමාටා පවසයි.

ලුසාකා අගනුවර පිහිටි මෙම වෙළඳපොළට ගෙන එන එළුවන් පැය කිහිපයක් ඇතුළත විකුණා අවසන් වෙනවා. එළුවන්ට තියෙන ඉල්ලුම එතරම්ම ඉහලයි.

දේශීය වෙළඳපොළේ එළුවෙක් සාමාන්‍යයෙන් විකිණෙන්නේ ඇමෙරිකානු ඩොලර් තිහකට ආසන්න මිලකට. ඒත් සවුදි අරාබියේදී නම් එළුවෙක් ඩොලර් 200 ක් පමණ මුදලකට අලෙවි කළහැකියි.

එහි ප්‍රතිඵලයක් ලෙසින් දැන් සැම්බියාවේ ව්‍යාපාරිකයන් එළුවන් අපනයනය කිරීමට පෙළඹීම හේතුවෙන් දේශීය වෙළඳපොළේත් එළුවන්ගේ මිල ඉහලයනු ඇතැයි බිය පළවෙමින් පවතී.