'මිස්ටර් ඩෝනට්' කළමනාකරුවෙකු අතිකාල සේවයෙන් මරුට

Image caption 'මිස්ටර් ඩෝනට්' අලෙවිසැල් දෙකක් එකවර පාලනය කිරීමට සිදුවීම හේතුවෙන් සෑම මසකම අතිකාල පැය සිය ගණනක් වැඩ කිරීමට ඔහුට සිදුවී ඇති බවයි අනාවරණය වී ඇත්තේ

අධික ලෙස වැඩකිරීම හේතුවෙන් මරණයට පත්වූ 'ඩෝනට්' නමින් හැඳින්වෙන රසකැවිලි වෙළඳසැලක කළමනාකරුවෙකුගේ පවුලේ සාමාජිකයන්ට ඩොලර් ලක්‍ෂ හතරක වන්දි මුදලක් ගෙවන මෙන් ජපානයේ අධිකරණයක් නියෝග කර ඇත.

මරණයට පත් කළමනාකාරවරයාට 'මිස්ටර් ඩෝනට්' අලෙවිසැල් දෙකක් එකවර පාලනය කිරීමට සිදුවීම හේතුවෙන් සෑම මසකම අතිකාල පැය සිය ගණනක් වැඩ කිරීමට බලකෙරී ඇති බව අධිකරණයේදී අනාවරණය විය.

එහෙත් 'මිස්ටර් ඩෝනට්' සමාගම අධිකරණය හමුවේ කියා සිටියේ කළමනාකරු තරබාරු සිරුරකින් යුතු වූ අතර අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩකරන ලෙස ඔහුට බලකිරීමක් සිදුවී නැති බවය.

මේ අතර ජපානයේ වැඩකරන ජනතාව අතරින් පහෙන් එකක සංඛ්‍යාවක් දීර්ඝ සේවා මුරවල දෛනිකව යෙදීම හේතුවෙන් ජීවිත අවදානමකට ලක්වී සිටින බව මෑතකදී නිකුත් කරන ලද රජයේ වාර්තාවකින් එළිදැක්වී තිබුණි.

එබැවින් වැඩකරන පැය ගණන අඩුකිරීමට සහ නිවාඩු ගතකිරීමට සේවක සේවිකාවන් උනන්දු කරවීමට කටයුතු කරන ලෙස එම වාර්තාව මගින් රජයේ අවධානය යොමුකර ඇත.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර