මුහුදු ගිය ධීවරයන් 'අතුරුදහන්'
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මුහුදු ගිය ධීවරයෝ 'අතුරුදහන්'

මසුන් මැරීම සඳහා ත්‍රීකුණාමලයෙන් මුහුදු ගිය 'මඩු රැජින 2' යාත්‍රාව එහි සිටි ධීවරයින් පස් දෙනකු සමග අතුරුදහන්වී මාසයකට ආසන්න කාලයක් ගත වී ඇති බව ඥාතීහු පවසති.

"මඩු රැජින 2" බහු දින යාත්‍රාවේ නියමුවා ලෙස කටයුතු කළ මාරවිල-තල්විල පදිංචිව සිටි දෙදරු පියකු වූ ලාල් තමෙල්, මාරවිල-හත්තිනිය පදිංචිව සිටි දෙදරු පියකු වූ ප්‍රියන්ත කුමාර, මහවැව-තොඩුවාව පදිංචිව සිටි ප්‍රැන්සිස් ප්‍රනාන්දු ,මාරවිල-තල්විල පදිංචිව සිටි දෙදරු පියෙකු වූ සුරේන්ද්‍ර සිල්වා සහ ත්‍රීකුණාමළයේ පදිංචිව සිටි එක් දරු පියකු වන එම්ඩීටීපී ජයසුන්දර මෙසේ අතුරුදහන්ව සිටින ධීවරයින් පස් දෙනාය.

පසුගිය නොවැම්බර් මස 28 වෙනි දින ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සඳහා ඔවුන් ත්‍රිකුණාමළය වරායෙන් පිටත්ව ගිය එම පිරිස යළි ශ්‍රී ලංකාව බලා පැමිණීමට නියමිතව තිබුණේ ජනවාරි මස 05 වෙනි දිනය.

යළි ශ්‍රී ලංකාව බලා පැමිණෙමින් සිටින අතරවාරයේ ජනවාරි මස 03 වෙනි දින සිය ඥාතීන් අමතා ඇති අතුරුදහන්වූ යාත්‍රාවේ සිටි ධීවරයින් පවසා ඇත්තේ ත්‍රීකුණාමලය වරායට නාවුක සැතපුම් 100 ක් පමණ දුරින් ඒ වනවිට යාත්‍රාව ගමන් කරමින් සිටින බවයි.

අනතුරුව ඔවුන් සමග තිබූ සියළු සම්බන්ධතා බිඳ වැටී තිබේ.

අතුරුදහන්වී ඇති යාත්‍රාව සහ ධීවරයින් සොයා ධීවර යාත්‍රා කීපයක්ම මහ මුහුදේ සෙවීම් කර ඇති නමුත් ඔවුන් සම්බන්ධ කිසිදු තොරතුරක් ලැබී නොමැති බව ද ඥාතීහු පවසති.

සබැඳි විෂයයන්