රනිල්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩ අරඹයි

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවෙනි අදියරේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අද (පෙබ.01) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ඒ වෙනුවෙන් අලව්ව, ගිරිඋල්ල කුඩගම්මන පැවති උත්සවය අමතමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා රට කලාප වශයෙන් දියුණු කළ යුතු බවය.

"අපේ මූලික සංවර්ධන කටයුතු සිදු කරන්න අපි තෝර ගත්තේ නිරිත දිග කවුළුව. මහනුවර, වයඹ, බස්නාහිර, සබරගමුව, දකුණ, මොනරාගල" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.