ගොවින් දෙදහසක් ඇඹිලිපිටියේ උද්ඝෝෂණයක
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

කොළඹ වටකරන බවට ගොවීන්ගෙන් අනතුරු ඇඟවීමක්

ගොවි ඉල්ලීම් වලට ආණ්ඩුව විසදුම් ලබා නොදුන්නොත් මේ මස 15 දා දහස් ගණනක් ගොවි ජනතාව එක්ව කොළඹ වටලන බව දිස්ත්‍රික්ක තුනකට අයත් දෙදහසකට ආසන්න ගොවි නියෝජිතයෝ පවසති.

අද (13) ඇඹිලිපිටිය නගරයට රැස්වී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වමින් නියං සහනාධාරය ඇතුළු සියලු සහන ලබා දෙන්නැයි රජයට බලකරමින් ඔවුහු මේ බව කියා සිටියහ.

මොනරාගල, හම්බන්තොට සහ රත්නපුර දිස්තික්ක තුනේ වී, කෙසෙල්, උක් සහ පැඟිරි ගොවීහු සටන් පාඨ කියමින්,විරෝධතා පුවරු අතැතිව මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ.

ඇඹිලිපිටිය කාවන්තිස්ස විහාරයේ සිට බස්නැවතුම් පොළ දක්වා පෙළපාලියකින් ගිළඟාවූ උද්ඝෝෂකයෝ ඔරලෝසු කනුව තෙක් පැමිණ එහි නැවතී සටන් පාඨ කියමින් සිය අයිතිවාසිකම් වහා ලබාදෙන මෙන් රජයට බල කළහ.

සමස්ත ලංකා ගොවිජන සමමම්ලනය සංවිධානය කල මේ උද්ඝෝෂණයට එහි ලේකම් ටි.බී. සරත් ද එක්ව සිටියේය.

උද්ඝෝෂණයට එක්ව සිටි මොනරාගල දිස්ත්‍රික්කයේ හදපානාගල ගොවීහුද තමන් පත්ව ඇති තත්ත්වය පැහැදිලි කළහ.

නියඟයට අමතරව රජයේ නොසැලකිල්ල නිසා ජීවත්විය නොහැකි තත්ත්වයක් ගොවියාට උදාකර දුන් වත්මන් ආණ්ඩුවට සම්බන්ධ සහල් මාෆියාවක් ක්‍රියාත්මක වනබව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පෙන්වා දුන්නේය.