හමුදා සාමාජිකයන් එක්දහස් දෙසීයක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා හමුදාව Image copyright AFP

නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 1200 කට ආසන්න පිරිසක් මේ වසරේ අත්අඩංගුවට ගැනීමට කටයුතු කොට ඇති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

42,800 කට ආසන්න ත්‍රිවිධ හමුදා සාමාජිකයින් පිරිසක් මේ වනවිට නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින අතර ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මකවන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න බීබීසී සිංහල සේවයට කියා සිටියේය.

අත්අඩංගුවට පත් පිරිස අතර යුධ හමුදා සාමාජිකයින් 984 දෙනෙක්, නාවික හමුදා සාමාජිකයින් 236 දෙනෙක් සහ ගුවන් හමුදා සාමාජිකයින් 14 දෙනෙක් සිටිති.

පසුගිය බ්‍රහස්පතින්දා දින පමණක් නිවාඩු නොමැතිව සේවයට වාර්තා නොකළ සහ පැනගිය හමුදා සාමාජිකයන් 550 දෙනකු පමණ අත්අඩංගුවට ගැනිමට හැකිවූ බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේය.

නිවාඩු නොලබා හමුදාවෙන් පැන ගොස් සිටින සාමාජිකයන්ට නිල වශයෙන් හමුදාවෙන් ඉවත්වීමට අවස්ථාව සලසා දෙනු පිණිස පසුගිය වසරේ පොදු සමා කාල දෙකක් ප්‍රකාශයට පත්කෙරුණු අතර එහිදී 9,000 කට ආසන්න හමුදා සාමාජිකයන් පිරිසක් සේවයට වාර්තා කර තිබේ.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්