අමාත්‍ය ගයන්ත කරුණාරත්න
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

සමාජ මාධ්‍ය නියාමනය: ආණ්ඩුවෙන් කතා දෙකක්

සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීමට හෝ පාලනය කිරීමට රජයේ කිසිදු සූදානමක් නොමැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක පවසයි.

ෆේස්බුක් භාවිතය සම්බන්ධයෙන් ඉදිරියේදී නව ප්‍රතිපත්තිමය රාමුවක් සකස් කිරීම පිළිබඳ ඉහළ මට්ටමින් සාකච්ඡා සිදුවන බව ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් නිමල් බෝපගේ ඊයේ (පෙබ.14) කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් කියා සිටියේය.

අවශ්‍යනම් හානිකර තත්වයන්වලදී ෆේස්බුක් මාධ්‍ය වාරණය කළ හැකි බව පැවසූ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ඒ සඳහාවන තාක්ෂණය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු බවත් සඳහන් කළේය.

එම ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය ගයන්ත කරුණාතිලක කියා සිටියේ සමාජ මාධ්‍ය ජාල නියාමනය කිරීම සඳහා ක්‍රමවේදයක් ඇතැයි තමන් නොසිතන බවය.

සමාජ මාධ්‍ය නිසි ලෙස පරිහරණය කිරීම පිළිබඳ ජනතාව දැනුවත් කිරීම ආණ්ඩුවේ අරමුණ බවත් ඇමතිවරයා පැවසීය.

එසේ නම් ජනමාධ්‍ය ලේකම්වරයා එවන් ප්‍රකාශයක් සිදුකළේ ඇයි දැයි විමසූ විට, ඒ පිළිබඳව ලේකම්වරයාගෙන් විමසිය යුතු බව ඇමතිවරයාගේ ප්‍රතිචාරය විය.