බෝට්ටුවක් පෙරළී පිරිසක් මරුට

කළුතර, කටුකුරුන්දට නුදුරු මුහුදු තීරයේදී බෝට්ටුවක් අනතුරට ලක්වීමෙන් දියේ ගිලී මියගිය එකොළොස්දෙනෙකුගේ මළසිරුරු සොයාගත් බව පොලිසිය පවසයි.

මෙම බෝට්ටු අනතුරින් තුවාල ලැබූ දහනවදෙනෙකු රෝහල්ගතකර තිබේ.

කළුතර පැවැත්වෙන ආගමික උත්සවයක් සඳහා සහභාගිවීමට නියමිත පිරිස රැගෙන බේරුවල වෙරළින් බෝට්ටු විස්සක් පමණ පිටත්වී ඇති බව පොලිසිය පවසයි.

බේරාගැනීමේ මෙහෙයුම් සඳහා නාවික හමුදාවට අයත් යාත්‍රා කිහිපයක් සහ ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානයක් යොදවා ඇත.