ඉඩම් අධ්‍යක්ෂ ඝාතන ප්‍රයත්නය හෙලා දැක උද්ඝෝෂණයක්

වෙඩි ප්‍රහාර

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ මඩකලපුව දිස්ත්‍රික් අධ්‍යක්ෂ නේසර් කුමාර් විමලරාජ්ට වෙඩි ප්‍රහාර එල්ල කිරීම හෙලා දැක කලවංචිකුඩි ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්විණි.

පසුගිය බදාදා (පෙබ.22) රාත්‍රියේ යතුරුපැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිය නිවසේ සිටි නේසර් කුමාර් විමලරාජ් වෙත වෙඩි ප්‍රහාර එල්ල කරනු ලැබ තිබිණි.

යුද්ධය නිමවීමෙන් පසු සිදු වූ සිය දිස්ත්‍රික්කය නියෝජනය කළ රජයේ නිලධාරීන් දෙදෙනෙකුගේ ඝාතනවලට සම්බන්ධ අපරාධකරුවන් මෙතෙක් සොයා ගෙන නොමැති බවත් උද්ඝෝෂණයට එක් වී සිටි විරෝධතාකරුවෝ පෙන්වා දුන්හ.

වෙඩි තැබීම සිදු වූ දින අදාළ නිලධාරිවරයා ඉඩම් ගැටලුවක් සම්බන්ධයෙන් එරාවුර් අධිකරණයේ පෙනී සිට ඇති අතර එම නඩුව මාර්තු 03 වෙනිදා දක්වා කල් තබා තිබේ.

වෙඩි තැබීම සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදු කෙරෙන බව පොලිසිය පවසයි.