prasad
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

දියේ ගිලුණු සංචාරකයාට කල්පිටියේ පිහිට

ගැඹුරු මුහුදේ ගිලෙමින් සිටි යුක්‍රේන් ජාතිකයෙකු බේරා ගැනීමට කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සාමාජිකයන් පිරිසක් සමත් වූහ.

කල්පිටිය සංචාරක බෝට්ටු හිමියන්ගේ සංගමයේ සභාපති මධුරාජ් ප්‍රනාන්දු ඇතුළු පිරිසක් තල්මසුන් නැරඹීම සඳහා ගොස් ආපසු එමින් සිටියදී, විදේශීය සංචාරකයකු දියමත සරුංගල් ක්‍රීඩාවේ යෙදී සිටි අතර ඒ අවස්ථාව මාධ්‍යවේදියෙකුගේ කැමරාවට හසුවිය.

ගුවනට විසි වූ යුක්රේන් ජාතිකයා මුහුදට වැටීමෙන් අනතුරුව ඔහු බේරා ගනු ලබන ආකාරය මෙම වීඩියෝ පටයේ දැක්වෙයි.