සුනඛයින් පිළිබඳ මත ගැටුම යළි කරලියට

සුනඛයින් පිළිබඳ මත ගැටුම යළි කරලියට

කොළඹ සහ ඒ තදාසන්න ප්‍රදේශවල වෙසෙන හිමිකරුවන් නොමැති සුනඛයින් මරා දැමීමේ සූදානමක් පවතින්නේ දැයි සත්ව අයිතීන් වෙනුවෙන් කටයුතු කරන ඇතැම් සංවිධාන බිය පළ කරයි.

සුනඛයන් මරා දැමීමේ ක්‍රමවේදය 2005 වසරේ දී නවතා දැමුණු බව පවසන ජලභීතිකාව තුරන් කිරීම සඳහා වූ පශු වෛද්‍ය එකමුතුවේ කැඳවුම්කරු පශු වෛද්‍ය චමිත් නානායක්කාර මේ දක්වා සුනඛයන් ලක්ෂ නව දෙනෙකු වන්ද්‍යාකරණ සැත්කමට භාජනය කර ඇති බව පෙන්වා දෙයි.

සුනඛ ගහනය පාලනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමවේද පවතින බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුණි.