ශ්‍රී ලංකාව තීරණාත්මක ක්‍රිකට් තරඟයට මුහුණ දෙයි

අද(08) තරඟය දෙස සමස්ත ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙමින් ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,

අද(08) තරඟය දෙස සමස්ත ශ්‍රී ලංකාවේ අවධානය යොමු වෙමින් ඇත.

චැම්පියන්ස් කුසලාන තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තීරණාත්මක ගැටුම දැන් ලන්ඩන් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙයි.

ශ්‍රී ලංකාවට මේ තරඟය තීරණාත්මක වන්නේ මෙම තරඟාවලිය තුළ රැඳී සිටීමට අද (ජූනි 08) තරඟ ජයග්‍රහණය අනිවාර්ය කොන්දේසියක් බවට පත්ව ඇති හෙයිනි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

සිය කණ්ඩායමේ නායකයා දිරි ගන්වන ඉන්දියානු ක්‍රීඩාලෝලීන්

අද තරඟය ආරම්භ කිරීමට පෙර කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම ලද අතර ඔවුන් විසින් තෝරා ගන්නා ලද්දේ පළමුව පන්දු යැවීමයි.

මේ අනුව ඉන්දීය කණ්ඩායමේ රෝහිත් ෂර්මා සහ ෂිකාර් ධවාන් පළමු පිතිකරු යුගළය ලෙස සුපුරුදු පරිදි පිටියට බට අතර ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පළමු පන්දු ඕවරය යවන ලද්දේ ලසිත් මාලිංග විසිනි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අද පළමුව පන්දු ඕවරය යැවූ ලසිත් මාලිංග