"නීති විරෝධීව රැකියා කිරීම රටේ කීර්ති නාමයට කැළලක්"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"නීති විරෝධීව රැකියා කිරීම රටේ කීර්ති නාමයට කැළලක්"

ශ්‍රී ලාංකිකයන් පිරිසක් වලංගු වීසා කාල සීමාව ඉකුත්වීමෙන් හෝ තම නීත්‍යනුකූල සේවා ස්ථානයෙන් පැන ගොස් නීති විරෝධී ලෙස සේවය කරන බවට කරුණු වාර්තා ඇතැයි විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ නීතිඥ උපුල් දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් කියා සිටියේ එවැනි පුද්ගලයන් නිසා රටේ කීර්ති නාමයට හානි සිදු වන බවය.

එවැනි තත්ත්වයක් යටතේ නීති විරෝධී ලෙස විදේශ රටවල රැඳී සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සම්බන්ධයෙන් රජය කිසිදු වගකීමක් ගනු නොලබන බව විදේශ රැකියා අමාත්‍යංශය අවධාරණය කරයි.

වැඩි විස්තර සඳහා: විදෙස් රැකියා: "ඔබේ ඥාතීන් සහ හිතවතුන් දැනුවත් කරන්න"

සබැඳි විෂයයන්