උදෑසන ආහාර නොගන්නා දරුවන් "මිටියි, ගණිත හැකියාවත් අඩුයි"

ශ්‍රී ලංකාවේ දරුවන්ගෙන් තුනෙන් එකක් උදය ආහාරය නොගෙන පාසල් යන බව පර්යේෂණවල දී අනාවරණය වී ඇතැයි ශ්‍රී ලංකා වෛද්‍ය පර්යේෂණ ආයතනය පෙන්වා දෙයි.

එම ආයතනයේ පෝෂණ අංශ ප්‍රධානී මෙන්ම ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍ය සංගමයේ සභාපතිනිය ද වන විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස බීබීසී සිංහල සේවය හා සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ උදය ආහාරය නොගැනීම දරුවන්ගේ මොළය වර්ධනයට මෙන්ම ශරීර වර්ධනයට ද බලපාන බවය.