අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක්

  • 2017 නොවැම්බර් 9
Image copyright Getty Images

මුදල් ඇමති මංගල සමරවීර සිය මංගල අයවැය ලේඛනය සභාගත කිරීම ආරම්භ කළේය

ඇමතිවරයා විසින් 2018 වසර සඳහා වන අයවැය කතාව ආරම්භ කරනු ලැබුවේ හිටපු මුදල් ඇමති රවි කරුණානායක "කාලීන වශයෙන් ගන්නා ලද තීන්දු" අගය කරමිනි.

වාහන සඳහා කාබන් බද්දක් අය කරන බව ප්‍රකාශයට පත් කළ මුදල් ඇමතිවරයාගේ යෝජනා මගින් කියවෙන්නේ විදුලි බලයෙන් දුවන වාහන වලට වැඩි තැනක් දෙන බවය.

විදුලි බලයෙන් දිවෙන වාහන බදු අඩු කෙරෙනු ඇත.

එසේම වාහන ජව ගැන්වීමට අවශ්‍ය විදුලිය කැවීමේ මධ්‍යස්ථාන පිහිටුවන බවත් මුදල් ඇමතිවරයා පවසයි.

මගී ආරක්‍ෂක වායු බැලූන නොමැති වාහන ගෙන්වීමට අවසර නොදීම තවත් යෝජනාවකි.

2025 වන විට ආණ්ඩුවේ සියලු වාහන විදුලි බලයෙන් දුවන හෝ දෙමුහුන් (hybrid) රථ විය හැකි බවත් මුදල් ඇමතිවරයා පවසයි.

ඒ අතර ප්‍රකාශයක් කළ කථානායක කරු ජයසූරිය, විපක්ෂයේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් පා පැදි සහ බර කරත්තයකින් පැමිණෙන විට ඔවුන්ට සිදු විනැයි කියන බාධක සම්බන්ධයෙන් විභාගයක් සිදු කරන බව කියා සිටියේය.

සිය අයවැය කතාව ආරම්භයේදීම ප්‍රකාශයක් කළ මුදල් ඇමතිවරයා, ශ්‍රම වෙළෙඳ පොළ සහ ඊට අදාළ නීති පිළිබඳව හැදෑරීමක් අවශ්‍ය කරන බව සඳහන් කරමින් රටේ ජීවන වියදම් බර අඩු කිරීමට පියවර ගත යුතුව ඇතැයි සඳහන් කළේය.

ඒ සඳහා ඉදිරි කාලය තුළ පියවර ගන්නා බවත් මුදල් ඇමතිවරයා පවසයි.

එසේම ඉඩම් අයිතියට සම්බන්ධ ප්‍රශ්න නිරාකරණය කර ගත යුත්තේ කෙසේද ? යන්න පිළිබඳව අවධානය යොමුකළ යුතව ඇතැයි ද ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යවරයා සඳහන් කළ පරිදි රට තුළ දළ දේශීය නිෂ්පාදනය 11.5% සිට 14.2 තෙක් වර්ධනය වී ඇත.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
මහින්ද බයිසිකලයෙන්, දිනේෂ් බර කරත්තෙන්

එසේම වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව සමඟ කටයුතු කරන ලද ආකාරය නිසා ලෝකය තුළ රටට අහිමිව පැවති විශ්වාසය යළි දිනා ගැනීමට සමත් වූ බවත් මුදල් ඇමතිවරයා සඳහන් කළේය .

එහෙත් පසුගිය කාලසීමාව ඇතුළත රට විවිධ ජාතික ආපදාවන් ගණනාවකට මුහුණ දුන් බවත් ඔහු සිහිපත් කළේය.

"රට මුහුණ දුන් බරපතළම ප්‍රශ්නය ආණ්ඩුවේ ණය බර වැඩි වීමයි. ඒ අතර ආදායම පිරිහීමයි" මුදල් ඇමතිවරයා පෙන්වා දුන්නේය.

විදුලි බලයෙන් දුවන වාහන වලට අයකරන බද්ද අඩුකරන බව සඳහන් කළ මුදල් ඇමතිවරයා සුඛෝපභෝගී වාහන සඳහා ඇය කරන බද්ද වැඩි කරන බවත් කියා සිටියි.

තවත් යෝජනා අයවැය සහ මෝටර් රථ: නව පිළිවෙතක්

මුදල් ඇමතිවරයා විසින් පැය දෙකක පමණ කාලයක් පැවැත්වූ අයවැය කතාවට ඇතුළත් ප්‍රධාන නිර්දේශ කීපයක් මෙහි පහත දැක්වෙයි.

+ආණ්ඩුව විසින් නියම කරන ලද මිලට වඩා වැඩි මිලට භාණ්ඩ විකුණන වෙළෙඳුන් සම්බන්ධයෙන් නීතිය තදින් ක්‍රියාත්මක කිරීම.

+අතුරුදහන් වූවන් ගැන සොයා බලන කාර්යාලයේ වැඩ කටයුතු මේ වසරේ ආරම්භ කිරීම.

+ යාපනයේ නවීන ආර්ථික මධ්‍යස්ථානයක් ඉදි කිරීම සහ යුද්ධයෙන් අසරණ වූ උතුරේ කාන්තාවන්ට විවිධ ව්‍යාපාර කටයුතු කිරීමට සහයෝගය ලබා දීම.

+ උතුරු නැගෙනහිර පළාත් වල නව නිවාස පනස් දහසක් ඉදිකිරීම.

+ රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා පොදු වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම.

+ මහජන පුස්තකාලයේ සහාය ඇතිව බෞද්ධ පුස්තකාලයක් ආරම්භ කිරීම.

+ ලබන වසරේ අප්‍රේල් පළමු වැනි දා සිට මත්පැන් මත ජාතිය ගොඩනැගීමේ බද්දක් අය කිරීම සහ මත්පැන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම.

+ විශ්ව විද්‍යාල සම්බන්ධ අණ පනත් සංශෝධනය කිරීම සහ සරසවි සිසුන් සඳහා රක්ෂණ ක්‍රමයක් ක්‍රියාවට නැංවීම.

+ වයඹ, සබරගමු සහ මොරටුව විශ්ව විද්‍යාලවල වෛද්‍ය පීඨ ස්ථාපිත කිරීම.

+ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග්‍රෑමයකට රුපියල් දහයක නිෂ්පාදන බද්දක් පැනවීම.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර