ලොව පළමු රග්බි පාලිකාව

Ms Castle is also the first woman to head a major Australian football code Image copyright Getty Images

ඕස්ට්‍රේලියාවේ රග්බි පාලක මණ්ඩලය සිය ඉතිහාසයේ පළමු වතාවට කාන්තාවක සිය ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් පත් කර ගෙන තිබේ.

නව ප්‍රධාන විධායකවරිය වන රේලීන් කාස්ල් (Raelene Castle) ඉතා කැපී පෙනෙන වාර්තාවක් සහිත ආකර්ෂණීය චරිතයක් බව ඇයගේ පත්වීම නිවේදනය කරන රග්බි ඕස්ට්‍රේලියා (Rugby Australia) ආයතනය පවසයි.

ඒ අනුව කාන්තාවක ලෝකයේ ජාතික රග්බි පාලක මණ්ඩලයක නායකත්වයට පත් වූ පළමු වතාව එය වේ.

එම තනතුර සඳහා 200 කට ආසන්න අපේක්ෂකයන් පිරිසක් අත්දැකීම්වලින් පිරිපුන් රේලීන් කාස්ල් සමග තරග වැදී සිටි බව විශ්වාස කෙරේ.

කාන්තාවක ලොව රග්බි පාලක මණ්ඩලයක ප්‍රධානියා වශයෙන් පත්වීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය විශේෂ අවධානයක් යොමුකිරීම සතුටට කරුණක් බව සිය පත්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවක් අමතමින් ඇය කියා සිටියාය.

එහෙත් විශේෂයෙන්ම ක්‍රීඩාවේ පහළම තලයේ දී පුරුෂයන් මෙන්ම කාන්තාවන් ද විශේෂ කාර්යභාරයක් ඉටුකරමින් සිටින බව පෙන්වා දුන් ඇය, එබැවින් කාන්තාවක ප්‍රධාන විධායක තනතුරට පත්වීම "විශාල ඉදිරි පියවරක්" යයි තමන් විශ්වාස නොකරන බව ද සඳහන් කළාය.

"ලැබුණු අවස්ථාව ගැන මම සතුටු වෙනවා."

ඕස්ට්‍රේලියාවේ උපත ලැබූ නවසීලන්ත ජාතික කාන්තාවක වන රේලීන් කාස්ල්, මීට ඉහතදී නවසීලන්ත ජාතික නෙට්බෝල් කණ්ඩායමේ ප්‍රධානියා වශයෙන් කටයුතු කර තිබේ. ඕස්ට්‍රේලියානු රග්බි කණ්ඩායමක ප්‍රධානියා වශයෙන් ද ඇය කටයුතු කළාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ක්‍රීඩකයන් පුහුණු කරන පාපන්දු ශූරිය