පැවති ආණ්ඩුව, යහපාලනය සහ 'පික්පොකට්'

පැවති ආණ්ඩුව, යහපාලනය සහ 'පික්පොකට්'

බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් විවාදයක් පැවැත්වීමේ අරමුණින් බදාදා (ජනවාරි 10) විශේෂ පාර්ලිමේන්තු සැසියක් කැඳවන ලද අතර එහිදී අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර වාර්තාව ගැන විශේෂ ප්‍රකාශයක් කරමින් සිටින අතරතුරදී එක්සත් ජාතික පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ මහජන නියෝජිතයන් අතර ගුටිබැට හුවමාරුවක් සිදු විය.

එම ගුටිබැට හුවමාරුව අතරතුර දෙපාර්ශවයම එකිනකාට 'හොරා' යයි කියමින් චෝදනා කර ගන්නා ආකාරය වීඩියෝ දර්ශන ඔස්ස්සේ දැකගත හැක.

මේ අතර එදින අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන කියා සිටියේ "පාර්ලිමේන්තුවේ දෙපැත්තේම අය හොරා කියාගෙන, කවුද හොරා, කවුද හොරා ගත්තේ නැති අය කියලා සොයා ගත නොහැකිව පාර්ලිමේන්තුවේ ගහගැනීමක් සිදුවුනා" යනුවෙනි.

"පොකට්කාරයෝ අපේ අහිංසක මිනිස්සුන්ගේ පොකට් එකේ තිබෙන සල්ලි අර ගන්නවා. අරගෙන දුවනවා. එතකොට පොකට් එකේ අයිතිකාරයා හොරා හොරා කියමින් පික්පොකට් කාරයා පස්සේ දුවනවා. පොකට් කාරයා මොකද කරන්නේ? අන්න හොරක් අන්න හොරක් කියලා මිනිහත් දුවනවා" ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.