"කොළඹ ඉන්න ගෑනු විතරක් නෙවෙයි කනතාවෝ කියන්නේ"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"කොළඹ ඉන්න ගෑනු විතරක් නෙවෙයි කාන්තාවෝ කියන්නේ"

එංගලන්තයේ තිබෙන කාන්තා සම අයිතිය ශ්‍රී ලංකාවේ කාන්තාවන් නොඉල්ලන අතර, ලංකාවේ කාන්තාවන් කොළඹ සිටින කාන්තාවන් පමණක් නොවන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

කාන්තාවන්ට වෙනස් ලෙස සැලකීමක් බැවින්, දශක ගණනාවක් පැරණි කාන්තාවන්ට මත්පැන් මිලට ගැනීමට තිබු තහංචි ඉවත් කිරීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය ජනාධිපතිවරයා වෙනස් කිරීමට හේතු දක්වමින් කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බව කියා සිටියේය.

මුදල් අමාත්‍ය මංගල සමරවීර එම නීතිය ඉවත් කිරීමට කටයුතු කර තිබුනේ "කාන්තාවන්ට සම අයිතිය" ලබාදීම මුලික කරගනිමින් බව පැවසූ රාජිත සේනාරත්න අමාත්‍යවරයා කෙසේ වෙතත් එය රජයේ මතට එරෙහි වැඩසටහනට පටහැනි බැවින් එය ඉවත්කළ බවත් පැවසීය.

"කොළඹ ඉන්න ගෑනු විතරක් නෙවෙයි කාන්තාවෝ කියන්නේ. සුද්දට ගන්න පුළුවන් තීන්දු අපිට ගන්න බැහැ. අපේ සංස්කෘතිය අපි ආරක්ෂා කරගන්න ඕනේ."

මෙහිදී මාධ්‍යවේදිනියක් හා අමාත්‍ය රාජිත සේනාරත්න අතර උණුසුම් සංවාදයක් ඇතිවිය.

කාන්තාවන්ට තනිවම තීරණ ගැනීමේ හැකියාවක් නොමැතිය යන අදහස උඩ ජනාධිපතිවරයා මෙම තීරණය ගෙන ඇති බවට මාධ්‍යවේදිනිය තර්ක කළාය.

"ඔබතුමිය කියන්නේ මිනීමැරීමේ සම අයිතියත් කාන්තාවන්ට තියෙන්න ඕනේ කියලද?" යනුවෙන් එහිදී ප්‍රශ්න කළ ඇමතිවරයා එයට නිසි පිළිතුරක් ලබාදීමට අපොහොසත් විය.

මත්පැන් මරණය දක්වා යන එකක් බව ඇමතිවරයා පවසද්දී අදාළ මාධ්‍යවේදිනිය විමසුවේ එසේ නම් එය පුරුෂයන්ට බලපාන්නේ නැද්ද යන්නය. එවිට ඇමතිවරයා පැවසුවේ පුරුෂයන්ගේ ද මත්පැන් බීම සීමා කිරීමට ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවය.

මෙම අවස්ථාවට එක්ව සිටි දයාසිරි ජයසේකර ඇමතිවරයා පැවසුවේ ග්‍රාමීය කාන්තාවන් මත්පැනට ඇබ්බැහිවීම ගැන ප්‍රශ්නයක් තිබෙන බවය.

සබැඳි යොමු: