වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
'සුපිරි නීල රුහිරු සඳ'

ශ්‍රී ලංකාව ඇතුළු ආසියානු රටවලට, ඔස්ට්‍රේලියාව සහ එක්සත් ජනපදය මෙන්ම නැගෙනහිර යුරෝපයේ සමහර රටවලට චන්ද්‍රයා ආශ්‍රිතව දුර්ලභ සංසිද්ධි තුනක් එක විට දර්ශනය විය.

මසක් ඇතුළත දර්ශනය වන දෙවන පුර හඳ සාමාන්‍යයෙන් 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හැදින්වේ. එමෙන්ම පූර්ණ චන්ද්‍රග්‍රහණයක් අවස්ථාවක සඳ රතු පැහැයෙන් දිස්වීම 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙසත්, චන්ද්‍රයා තම කක්ෂයේ පොළොවට ආසන්න අවස්ථාවකට පැමිණ විශාලව පෙනීම 'සුපිරි සඳක් (Super Moon)' ලෙසත් හඳුන්වනු ලබයි.

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ජනවාරි 31 වන දින රාත්‍රියේ මේ තුනම සිදුවන දුර්ලභ අවස්ථාව නැරඹීමට හැකි විය.

Image caption 'සුපිරි නීල රුහිරු සඳ' ශ්‍රී ලංකාවට දිස් වූ ආකාරය (දොඩංගොඩ, කළුතර)
Image caption 'සුපිරි නීල රුහිරු සඳ' ශ්‍රී ලංකාවට දිස් වූ ආකාරය (දොඩංගොඩ, කළුතර)

සූර්යයාත්, පෘථිවියත් එකම රේඛාවක පිහිටීමෙන් පෘථිවියේ සෙවණැල්ල තුළින් චන්ද්‍රයා ගමන් කිරීම මෙම චන්ද්‍රග්‍රහණයකට හේතුවය.

පෘථිවිය වටා ඉලිප්සාකාර මාර්ගයක ගමන් කරන චන්ද්‍රයා ජනවාරි 31 වන දින පෘථිවියට ඉතා ආසන්නව ගමන් කරන බැවින් එයින් නිකුත් කරන ආලෝකය වෙනත් පසළොස්වක දින වලට වඩා 15% ක් දීප්තිමත්ව සහ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 7% ක් විශාලව පෘථිවිවාසීන්ට දැකගත හැකිය.

එකම මසක දෙවන පසළොස්වක පොහොය දින දිස්වන 'නීල චන්ද්‍රයා (Blue Moon)' ලෙස හඳුන්වන අතර මෙවර 'සුපිරි නිල් සඳක්' දැකගත හැකිය.

Image copyright SPL
Image caption පෘථිවියේ සෙවනැල්ල වැටීමෙන් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත වර්ණයෙන් දිස්වන අතර එය 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙස නම් කරයි.

පෘථිවියේ සෙවනැල්ල වැටීමෙන් චන්ද්‍රයාගේ අඳුරු වන කොටස රක්ත වර්ණයෙන් දිස්වන අතර එය 'ලෝහිත චන්ද්‍රයා' නැතහොත් 'රුහිරු සඳ (Blood Moon)' ලෙස නම් කරයි.

අවසන් වරට සුපිරි නිල් සඳක් පෘතුවියට දිස් වූයේ 1866 වර්ෂයේ මාර්තු මස 31 වන දිනය.

වසර 152 කට පසු දර්ශනය වන මෙය 'සුපිරි නීල රුහිරු සඳ' ලෙස ද හැඳින්වේ.

තවත් කියවන්න: