ශ්‍රී ලන්කන්, මිහින් ලංකා ගැනත් ජනාධිපති කොමිසමක්: මේ කරුණු දැන සිටියාද?

Image copyright srilankan.com

ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස්, ශී‍්‍ර ලංකන් කේටරිං සහ මිහින් ලංකා පුද්ගලික සමාගම යන ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ සහ වංචා පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන විසින් අත්සන් තබනු ලැබීය.

01. ජනාධිපති කොමිසම සඳහා වන අදාළ ගැසට් නිවේදනය අත්සන් තැබූ දිනය

  • 2018 පෙබරවාරි 02

02. විමර්ශනයට ලක්වන ආයතන

  • ශී‍්‍ර ලංකන් එයාර් ලයින්ස් සමාගම
  • සී/ස ශී‍්‍ර ලංකන් කේටරිං සමාගම
  • සි/ස මිහින් ලංකා පුද්ගලික සමාගම

03. විමර්ශනයට ලක් වන කාල සීමාව

  • 2006 - 2018 යන කාල සීමාව තුළ ඉහත සදහන් ආයතනයන්හි සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳ අදාල කොමිසම විසින් විමර්ශනය කරනු ඇත.

04. පංච පුද්ගල කොමිසමේ සාමාජිකයන්

  • අනිල් ගුණරත්න (විශ‍්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාර)
  • රෝහන් අමරසේකර (අභියාචනාධිකරණයේ විනිශ්චයකාර)
  • පියසේන රණසිංහ (විශ‍්‍රාමලත් මහාධිකරණ විනිශ්චයකාර)
  • මල්ලවආරච්චිගේ දොන් ඇන්තනි හැරල්ඩ් (විශ‍්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති)
  • වසන්තා ජයසීලි කපුගම (ශ‍්‍රී ලංකා ගිණුම් හා විගණන ප‍්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල්)

05. කොමිසම මගින් පරීක්ෂාකිරීමට නියමිත අක‍්‍රමිකතා:

  • මහා භාණ්ඩාගාරය, ලංකා බැංකුව, මහජන බැංකුව සහ යම් වෙනත් මූල්‍ය ආයතනයක් හෝ ආස්ථිත්‍යයක් විසින් මුල්‍ය සම්පත් යෙදවීම ඇතුළුව කොටස් ප‍්‍රාග්ධනය සහ ණය ගැනීමේ මාර්ගයෙන් අරමුදල් යෙදවීමේ සහ එබදු අරමුදල් ආයෝජනය කිරීම
  • මිහින් ලංකා සමාගම ස්ථාපිත කරලීම, මෙහෙයුම් සහ නිමා කරලීම
  • ශී‍්‍ර ලංකන් එයාර්ලයින්ස් සමාගම සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාත්‍යන්තර ගුවන් සමාගම වන එමිරේට්ස් එයාර්ලයින්ස් සමාගම අතර එළඹී ගිවිසුම අවසන් කරලීම, සහ ඊට හේතුන් සහ එහි සංකීර්ණ ප‍්‍රතිඵල
  • ගුවන් යානා සහ යම් වෙනත් වත්කකම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණිම සහ ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීමට අදාළ ගිවිසුම් වලට එළඹීම, දීර්ඝ කිරිම, සහ අවලංගු කරලීම
  • වටිනාකම රු මිලියන 50 ඉක්මවන ගුවන්යානා සහ යම් වෙනත් වත්කම් මිලදී ගැනීම, විකිණිම, බදුදීම, විකිණීම හා ආපසු බද්දට ගැනීම, පැවරුම, හුවමාරුව, මුදාහැරීම සහ බැහැර කිරීම ඇතුළුව භාණ්ඩ හා සේවාවන් ප‍්‍රසම්පාදනය සහ ගුවන් යානා සමූහය නැවත පිහිටුවීම
  • භාණ්ඩ, සේවා හෝ යම් වෙනත් කර්තව්‍යයක් සැපයීම සදහා අනුයෝජිතයින්, තැරැව්කරුවන්, උපදේශකවරුන්, සමාගම් සහ යම් වෙනත් පුද්ගලයෙකු හෝ ආස්ථිත්‍යයක් බදවාගැනීම සහ පත්කරලීම
  • අනෙකුත් රටවල්හි මාර්ග ජාලය සහ කාර්යාල විවෘත කරලීම, නඩත්තුව සහ අත්හිටුවාලීම
  • ශ‍්‍රී ලංකන් එයාලයින්ස්, ශී‍්‍ර ලංකන් කේටරිං සහ මිහින් ලංකා යන සමාගම් අතර ගණුදෙනු
  • බදවාගැනීම, පත්කරලීම, පාරිශ‍්‍රමිකය, උසස් කිරීම, ස්ථාන මාරුව, සේවක අපවර්තනය සහ විශ‍්‍රාම ගැන්වීම, අධ්‍යක්ෂ මණ්ඩලය, ප‍්‍රධාන විධායක නිලධාරින්, සභාපතිවරු සහ සෙසු ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය පත් කරලීම ඇතුළුව මානව සම්පත් කළමනාකරණය
  • මූල්‍ය වාර්තාකරණය, ආදළ ගිණුම්කරණ සහ විගණන ප‍්‍රමිතීන්ට අනුකුලව කි‍්‍රයා කිරීම, සහ මූල්‍ය සහ මෙහෙයුම් කාර්ය සාධනය සහ තත්ත්වය

(මූලාශ්‍ර: ජනාධිපති කාර්යාලය)


ශ්‍රී ලන්කන් ගුවන් සේවා සමාගමේ සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීම පිණිස 'දින සියයේ ආණ්ඩුව' සමයේ නීතිඥ ජේ.සී වැලිඅමුණගේ ප්‍රධානත්වයෙන් පත්කරන ලද කමිටුවේ වාර්තාව 2015 අප්‍රේල් මාසයේ අගමැති රනිල් වික්‍රමසිංහ වෙත භාර දෙනු ලැබූ නමුත් මෙතෙක් එහි කිසිදු නිර්දේශයක් ක්‍රියාත්මක කරන ලද බවක් වාර්තා වී නැත.

අග්‍රාමාත්‍ය කාර්යාලය මගීන් නිකුත් කරන ලද සංක්ෂිප්ත වාර්තාවේ සඳහන් වූ ආකාරයට සිදුකර ඇති දුෂණ සහ අක්‍රමිකතා වෙනුවෙන් හිටපු ආයතන ප්‍රධානියා අපරාධ පරීක්ෂණයකට ලක් කොට අධිකරණය හමුවේ දඬුවම් ලබාදිය යුතු බව වැලිඅමුණ වාර්තාව මගින් යෝජනා කර තිබේ.

එවකට ගුවන් සමාගමේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳගේ සොහොයුරා වන නිශාන්ත වික්‍රමසිංහය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර