අන්ධ විද්‍යාලයේ සිසු සිසුවියෝ රාජකීය යුවල පිළිගනිති

අන්ධ විද්‍යාලයේ සිසු සිසුවියෝ රාජකීය යුවල පිළිගනිති

හැත්තෑ වෙනි නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය සෙනසුරාදා (පෙබරවාරි 03) රත්මලානේ අන්ධ විද්‍යාලයේ පැවති උත්සවයකට සහභාගී විය.

බ්‍රිතාන්‍යයේ එලිසබෙත් රැජිනගේ බාල පුත් එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය පෙබරවාරි 05 වෙනිදා වෙනතෙක් ශ්‍රී ලංකාවේ රැඳී සිටිනු ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

මේ අතර ශ්‍රී ලංකාවේ හැත්තෑ වෙනි නිදහස් සැමරුම වෙනුවෙන් එලිසබත් රැජින ශ්‍රී ලාංකිකයන්ට සුබපැතුම් එක් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

"මේ ඓතිහාසික මොහොතේ මාහට ඔබ හා සිටීමට නොහැකි වුවත් වෙසෙක්ස්හි අර්ල්වලයා සහ ආර්යාව මා නියෝජනය කරමින් නිදහස් උළෙලට සහභාගී වීම පිළිබඳ සතුටු වනවා"

"එසේම පසුගිය වසර හැත්තෑවක කාලය පුරා ශ්‍රී ලංකාවේ ජනතාව දිනා ගත් දෑ සැමරීමට ඔවුන් ද එක්වීම ගැන මා සතුටු වනවා" යනුවෙන් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටක් බවට පත් වූ අතර, 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත කරන තුරුම ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායිකාව වූයේ ද පොදු රාජ්‍ය මණ්ඩලයේ නායකත්වය හොබවන එලිසබෙත් රැජිනය.

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු, එලිසබෙත් රැජින නියෝජනය කරමින් 1998 දී පැවති 50 වෙනි නිදහස් උත්සවයට සහභාගි විය.

සබැඳි යොමු: