කාන්තා නියෝජනය ඉහළ නැංවීම ද මෙවර මැතිවරණයේ අපේක්ෂාවකි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂා

පෙබරවාරි 10 වෙනිදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ අවසන් අදියරේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු ක්‍රියාත්මකවෙමින් තිබෙද්දී ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉදිරිය තීරණය වන මැතිවරණයක් බවට මෙම 'ගමේ මැතිවරණය' පත්වනු ඇති බව දේශපාලන විචාරකයින් විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ.

"අපි මේ මැතිවරණය පහසුවෙන් ජයගන්නවා, නිදහස් පක්ෂය එකතුවෙලා පාර්ලිමේන්තු මැතිවරණයේ අපිව පරද්දන්න බැරිවුනා, දැන් වෙන් වෙලා පරදන්නේ කොහොමද ?" එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය මහලේකම් අකිල විරාජ් කාරියවසම් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ බලාපොරොත්තුව ගැන බීබීසී සිංහල සේවයට එසේ පැවසීය.

"අද නායකයෝ තුන්දෙනාගෙන්ම ජනතාව ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් එක්ක, මේ රටේ දුෂණයෙන් රට බේරගන්න පුළුවන් එකම නායකයා ඔහුයි" යැයි පැවසූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මැතිවරණයට ඉදිරිපත්වන දුෂණ චෝදනා නැති එකම පාර්ශ්වය තම පක්ෂය බව කියා සිටියේය.

දූෂණය රටේ ප්‍රධානතම ප්‍රශ්නය බවට මතුකරන තර්කය තමන් පිළිනොගන්නා බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රධාන සංවිධායක මෙන්ම හිටපු ඇමති බැසිල් රාජපක්ෂ පැවසීය.

"ඒක ප්‍රශ්නයක් හැටියට මේ කට්ටිය යොදාගන්නවා, ඔය කියන චෝදනා මම දේශපාලකයෙක් හැටියට පිළිගන්නේ නැහැ, අතීතයෙත් නායකයන්ට ඔහොම නිකං චෝදනා කළා"

"මෙතන තියෙන්නේ කඳවුරු දෙකයි, එකක් විනාශකාරි මෙතෙක් රට පාලනය කළ කඳවුරයි, අනිත් එක ජනතාවට වැඩ කරන්න නිවැරදි ආර්ථික ප්‍රතිපත්ති තියෙන කඳවුරයි" රනිල්, මහින්ද හා මෛත්‍රීගේ ප්‍රතිපත්තිවල වෙනසක් නොමැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසයි.

වැඩිදුර තොරතුරු :