බබාපුල්ලේ මාවතේ අනතුරෙන් හත් දෙනෙක් මරුට

Image caption ගොඩනැගිල්ල විනාශ වී තිබුණ ආකාරය

ග්‍රෑන්ඩ්පාස්-බබාපුල්ලේ මාවතේ ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මරණයට පත්ව තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.

අනතුරට ගොදුරු වූ නව දෙනකු කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ගෙනැවිත් ඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් ඔවුන්ගෙන් හත් දෙනෙක් මරණයට පත්ව සිටි බව එහි වෛද්‍යවරියක් බීබීසී සිංහල සේවයට ප්‍රකාශ කළාය.

ඉතිරි තුවාල කරුවන් දෙදෙනා පිරිමියකු සහ කාන්තාවක් යයි සඳහන් කළ වෛද්‍යවරිය, ඔවුන්ගේ ජීවිත ආරක්‍ෂිත තත්වයක පවතින නමුත් දෙදෙනාගේම කකුල් ශල්‍ය ක්‍රම මගින් කපා දැමීමට සිදුවීමේ තත්වයක් උද්ගතව ඇති බවත් සඳහන් කළාය.

මරණයට පත්ව ඇති හත් දෙනාගෙන් හතර දෙනෙක් කාන්තාවන් වන අතර ඉතිරි තිදෙනා පිරිමින් වෙති.

Image caption අනතුර සමඟ බේරා ගැනීමේ මෙහෙයුමක් දියත් වෙමින් තිබුණි.

දැනට ලැබෙමින් ඇති තොරතුරු අනුව අසල පිහිටි පැරණි ගොඩනැගිල්ලක් 'බැකෝ' යන්ත්‍ර උපයෝගී කර ගනිමින් කඩා බිඳ දමමින් තිබිය දී එය අසල පිහිටි ගොඩනැගිල්ලත් කඩා වැටීමෙන් මෙම ජීවිත අනතුර සිදු වී ඇත.

අනතුර සිදු වූ විගස කොළඹ නගර සභාවේ සහ අසල්වාසීන්ගේ මැදිහත් වීමෙන් බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වී ඇති අතර ගොඩනැගිල්ල තුළ සිටි සෙසු පුද්ගලයන් සුරක්ෂිතව ඉවත් කර ගැනීමට හැකි විය.

Image caption විනාශයේ තවත් දර්ශනයක්

තවත් සමාන පුවත් ;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර