'අතුරුදහන්වුවන් සොයා ගන්න සිංහල ජනතා සහයෝගය දෙන්න'

වීඩියෝ ශීර්ෂ වැකිය,

යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයා ගැනීම සඳහා සිංහල ජනතාවගෙන් සහයෝගය ඉල්ලයි.

යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයා ගැනීම සඳහා බලධාරීන්ගෙන් පිහිටක් නොලැබෙන අතර ඒ සඳහා සහයෝගය දෙනමෙන් උතුරු පළාතේ සිංහල ජනතාවගෙන් ඉල්ලීමක් කෙරුණි.

එම සහයෝගය ඉල්ලා සිටින ලද්දේ යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයාදෙන ලෙස ඉල්ලා සිටිමින් වව්නියා දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ පවුල් විසින් ආරම්භ කරන ලද උපවාසයට අදට (පෙබරවාරි 24) වසරක් සම්පූර්ණ වීමත් සමඟ ඊට එක්ව සිටින උපවාසකරුවකු විසිනි.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අපේ උපවාසයට අදට අවුරුද්දක් ගෙවුනා

මාධ්‍යයට අදහස් දැක්වූ එම උපවාසකරු සිය ඉල්ලීම් ඉටු කිරීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුවට මෙන්ම දමිළ දේශපාලන නායකයන්ටත් චෝදනා කළේය.

"අපේ උපවාසයට අදට අවුරුද්දක් ගෙවුනා. අපි මේ උපවාස ව්‍යාපාරයේ නිරත වෙමින් සිටින්නේ අපේ දරු පවුල්වලින් පවා වෙන්වයි.අපි මෙතෙන්ට ආවේ අපේ කතාව කියන්න. අපට පොරොන්දු ලැබෙනවා. ඒත් ඒවා ඉටු වෙන්නේ නැහැ. අපට මේ ප්‍රශ්නයේ දී සිංහල සහෝ දරවරුන්ගේ සහයෝගය අවශ්‍ය කරනවා"

යුද සමයේ අතුරුදහන් පුද්ගලයන් සොයාදෙන ලෙස ඉල්ලා සිටිමින් වව්නියා දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ පවුල් විසින් ආරම්භ කරන ලද උපවාසයට අදට (පෙබරවාරි 24) වසරක් සම්පූර්ණ විය.

2017 පෙබරවාරි විසි හතර වෙනිදා එම උපවාසය ආරම්භ විය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අතුරුදහන් ඥාතීන්ට සිදු වුණේ කුමක්ද ?

අද දියත් කෙරුණ විරෝධතා ව්‍යාපාරයට වව්නියා දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන්, සිවිල් සංවිධාන සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් ඇතුළු විශාල පිරිසක් හවුල් වෙමින් සිටියහ.

සිය උපවාසයට වසරක් ගතව ඇතත් අහිමි වූ සිය ඥාතීන්ට සිදුවූයේ කුමක්ද යන්න සම්බන්ධයෙන් තවමත් කිසිදු පිළිතුරක් නොලද පවසන වව්නියා දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ පවුල්වල ඥාතීන් අද විරෝධතා ව්‍යාපාරය දියත් කළේ වව්නියා තැපැල් කාර්යාලය ඉදිරිපිටය.

තම ප්‍රශ්නයට රජයෙන් විසඳුමක් ලැබී නැතැයි සඳහන් කළ විරෝධතවාදීහු, ඔවුන්ගේ ගැටලුවට විසඳුම් ලබා දෙන බවට ප්‍රතිඥා දෙමින් සිය ඡන්දය ලබාගත් දේශපාලකයන් මගින් ද මෙතෙක් විසඳුමක් නොලද බවට චෝදනා කළහ.

එම විරෝධතා ව්‍යාපාරයට හවුල් වෙමින් සිටි කණ්ඩායම් විපක්ෂ නායක ආර්.සම්බන්ධන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් වැනි දේශපාලනඥයන් නමින් සඳහන් කරමින් ඔවුන් දෝෂ දර්ශනයට ලක් කළහ.

තමන්ගේ අතුරුදහන් ඥාතීන්ට සිදු වුණේ කුමක්ද ? යන්න සම්බන්ධයෙන් ජාත්‍යන්තර මානව හිමිකම් මණ්ඩලය (UNHCR) හෝ මැදිහත්ව නිසි පිළිතුරක් ලබා දිය යුතුව ඇතැයි ඔවුහු කියා සිටිති.

තවත් පුවත්: