මානව හිමිකම් කොමිසමෙන් ශ්‍රී ලංකාවට අලුත් ප්‍රශ්න පත්‍රයක්

  • 2018 පෙබරවාරි 25
Image copyright President office.ljk
Image caption ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ මහ කොමසාරිස්වරයා හමු වූ අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ප්‍රවර්ධනය, වගවීම සහ සංහිඳියාව සහතික කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙස අවධානය යොමු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් අල් - හුසේන් කුමරු මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.

මානව හිමිකම් භාර මහ කොමසාරිස් වරයා එම ඉල්ලීම කරන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් 2017-18 වසරට අදාළ සිය වාර්තාව මානව හිමිකම් මණ්ඩලය වෙත යොමු කරමිනි.

මානව හිමිකම් මණ්ඩලයේ 37 වෙනි සැසිවාරය ආරම්භ වීමට නියමිතව ඇති අතරවාරයේ ඉදිරිපත් කරනු ලැබ ඇති එම වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව ගොඩනගා ගැනීම අතින් ගෙන ඇති උත්සාහය මෙන්ම ප්‍රගතියක් නොලද අංශ සහ ඊට හේතු වූ කරුණු සාකච්ඡාවට ගෙන ඇත.

2015 ජනවාරි මාසයෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් යාන්ත්‍රණය සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ කාර්යාලය (OHCHR) සමඟ සහ සම්බන්ධතාවයකින් කටයුතු කරනු ලැබීම මහ කොමසාරිස්වරයා විසින් අගය කරනු ලබන බව අවධාරණය කරයි.

කෙසේවෙතත්, මහ ලේකම්වරයා විසින් 2017 වසරේත් සඳහන් කරන ලද පරිදි 'එම සාධනීය සහයෝගීතාවය ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ඉටු කරන බවට දී ඇති ප්‍රධාන ප්‍රතිඥාවන් අන්තර්ගත වූ ක්‍රියාමාර්ගයක් විය යුතු' බව එම වාර්තාවේ දැක්වෙයි.

මානව හිමිකම් මණ්ඩලයේ 30/1 යෝජනාව පරිදි සංක්‍රාන්තික යුක්තිය ඉටු කරන බවට දෙන ලද ප්‍රතිඥා සම්පූර්ණ කරනු ලැබීම වසරකට අධික කාලයක් සහමුළින්ම ඇනහිට ඇත යන්න මහ කොමසාරිස්වරයාගේ නිගමන වී ඇත.

එසේම අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩ නැගීම සඳහා ගෙන ඇති ඇතැම් ක්‍රියාමාර්ග අප්‍රමාණවත් මෙන්ම අසම්පූර්ණ බව මහ කොමසාරිස්වරයාගේ නිගමනයයි.

Image caption මහකොමසාරිස්වරයාට එරෙහි උද්ඝෝෂණයක්

එම ක්‍රියාමාර්ග පෙරට ගෙන යාම සඳහා ප්‍රමාණවත් දේශපාලන සහයෝගයක් ලැබී නැති අතර, එසේ නොවේනම් ඒවා ක්‍රියාවට නැංවීම සඳහා පිහිටුවන ලද සම්බන්ධීකාරක ව්‍යුහයන් ප්‍රමාණවත් සහ ශක්තිමත් ඒවා නොවන බව අදාළ වාර්තාවේ දැක්වෙයි.

2015 වසරේ පටන් මහ කොමසාරිස්වරයා විසින් නිකුත් කරන ලද වාර්තා සහ ප්‍රකාශන මගින් වගවීම සහ ප්‍රතිසංස්කරණවල ඌනතාව සම්බන්ධයෙන් කණස්සල්ල පළ කරන අතරවාරයේ පොදුවේ මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ ලබා ඇති ශුභවාදී වර්ධනය මගින් දිරි ගැන්වීමක් ලද බවත් එහි සඳහන් වෙයි.

එහෙත් 2017 වසර සටහන් වී තිබෙන්නේ වරින්වර තැනින් තැන වාර්තා වූ සහමුළින්ම අවසන් කිරීම දුෂ්කර ජනවාර්ගික නොසංසුන් තත්වයන් සහ සුළු ජාතිකයන් ඉලක්ක කරගත් ප්‍රහාර සහිත කාල වකවානුවක් හැටියටය යන්න මහ ලේකම්වරයා සිය වාර්තාව මගින් කියා සිටියි.

උදාහරණයක් ලෙස ගිංතොට සිදුවීම් පිළිබඳව සඳහන් කරන මහ ලේකම් වාර්තාව, පසුගිය වසරේ නොවැම්බර් මාසයේ එම ප්‍රදේශයේ පැතිර ගිය සිංහල-මුස්ලිම් ගැටුම් නිසා මුස්ලිම් ජනයා සතු නිවාස සහ ව්‍යාපාරික ආයතන හැත්තෑවක් පමණ විනාශ වූ බව සඳහන් කරයි.

Image copyright SL FOREIGN MINISTRY
Image caption මානව හිමිකම් කොමසාරිස් සෙයිඩ් රාද් හුසේන් කුමරු සහ ශ්‍රී ලංකා නියෝජිතයන් අතර හමුවක්

එසේම මඩකලපුව ප්‍රදේශයේ දමිළ-මුස්ලිම් ගැටුමක් ගැනත් ඔහු සිය වාර්තාවට ඇතුළත් කරයි.

එවැනි නොසංසුන් ගැටුම්කාරී පරිසරයක් නිර්මාණය කිරීමෙහිලා වෛරී භාෂණය,සාවද්‍ය තොරතුරු පතුරුවා හැරීම සහ සමාජ මාධ්‍ය ජාලය මෙන්ම දේශපාලන අවස්ථාවාදයත් හේතුවෙන බව වාර්තාව පෙන්වා දෙයි.

වධහිංසා සිදු කිරීම සහ පුද්ගල සෝදිසිය සම්බන්ධයෙන් දිගින් දිගට එල්ල වෙන චෝදනා සහ ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට මහෝපකාරී විය හැකි ප්‍රධාන අංග වන ඉඩම් මුදා හරිනු ලැබීම,ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම ,එම පනත යටතේ ප්‍රකාශ කිරීමට නියමිත තීන්දු සම්බන්ධයෙන් විසඳුමක් ඇති කර ගැනීම වැනි ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට අදාළ කරුණු අතින් තීරණාත්මක විශ්වාසයක් ගොඩ නගා ගැනීමට හේතු වෙන පියවර නොගැනීමේ ඌනතාවය ආණ්ඩුවේ ප්‍රතිසංස්කරණ කියාදාමයට හරස්ව යන බවත් එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ වගවීම සහ සංහිඳියාව සඳහා ප්‍රගතියක් ඇතිකර ගැනීමෙහිලා දිරි ගැන්වීමක් වශයෙන් අඛණ්ඩව තීරණාත්මක කාර්යභාරයක් දිගටම ඉටු කරන ලෙස මහ කොමසාරිස්වරයා මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්ලීමක් කරයි.

Image caption එක්සත් ජාතීන්ගේ කොළඹ මූලස්ථානයට පොලිස් රැකවරණ

එසේම වගවීම වැඩි දියුණු කිරීමට ඉවහල් වෙන ජගත් අධිකරණ ක්‍රියාමාර්ගයක් කෙරෙහි යොමුවීම ඇතුළු වෙනත් විසඳුම් මාර්ග දෙසත් අවධානය යොමු කරන ලෙසත් මහ කොමසාරිස් වරයාගේ වාර්තාව ඉල්ලා සිටියි.

එවැනි අඩුපාඩු පිළිබඳව සඳහන් කරන අතරවාරයේ 'ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ' කාර්යභාරය වෙසෙසින් අගය කිරීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් භාර කොමසාරිස් සෙයිඩ් රාද් හුසේන් කුමරු අමතක නොකරයි.

"ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ස්වාධීන සහ කාර්යක්ෂම මට්ටමින් ක්‍රියාත්මක වෙන" බව ඔහුගේ වාර්තාව පවසයි.

අතුරුදහන් වූවන් පිළිබඳ පනත සම්මත කරනු ලැබීම ඇගයීමට ලක්වෙන තවත් ක්‍රියාමාර්ගයකි.

Image caption අතුරුදහන් වූවන් පිළිබඳ පනත සම්මත කරනු ලැබීම ඇගයීමට ලක්වෙන තවත් ක්‍රියාමාර්ගයකි.

එහෙත් අධිකරණ ක්‍ෂේත්‍රයේ දක්නට ලැබෙන 'දෙබිඩි පිළිවෙතක්' (Double Standard) ගැනත් ඔහු දීර්ඝ වශයෙන් කරුණු දක්වා ඇත්තේ අධිකරණ ක්‍රියාමාර්ග සහ නඩු තීන්දු පිළිබඳව සඳහන් කරමිනි.

"මනුෂ්‍ය ඝාතන ,පුද්ගලයන් පැහැර ගැනීම් ආදිය සම්බන්ධයෙන් චෝදනා ලබන ආණ්ඩුවේ නිලධාරීන් සහ සන්නද්ධ හමුදාවන්හි සාමාජිකයන්ට එක් ආකාරයකටත්, දීර්ඝ කාලයක් රඳවා ගනු ලැබ සිටින දමිළ සැකකරුවන්ට තවත් ආකාරයකටත් සලකන්නේය" යන්න අධිකරණයට එල්ල කෙරෙන චෝදනාවක් වී ඇත.

ආණ්ඩුවට සම්බන්ධ සැකකරුවන් බන්ධනාගාර රෝහල්ගත කොට ඉක්මනින් ඇප ලබා නිවෙස් කරා යන අතර තවත් පිරිසක් නඩු නොමැතිව දීර්ඝකාලයක් රඳවා තබා ඇති බව මහ කොමසාරිස්වරයා පෙන්වා දෙයි.

Image caption සැමට එකලෙස සලකනවා- මහකොමසාරිස්

රබිරාජ් ඝාතනය,ප්‍රදීප් එක්නැලිගොඩ අතුරුදහන් කිරීම සහ ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ ප්‍රමාදවීම ගැන සඳහන් කරන මහ කොමසාරිස් වාර්තාව, චූදිත හමුදා නිලධාරීන් සහ ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට වැනි නිලධාරීන් වරදකරුවන් වුවද ඇප ලබා ඉක්මනින් යන ආකාරය පිළිබඳව සඳහන් කොට ඇත.

සබැඳි පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර