Theldeniya
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

නොසන්සුන්තාව මැද මහනුවර දිස්ත්‍රික්කයට පොලිස් ඇඳිරි නීතිය

තෙල්දෙණියෙන් ආරම්භ වී පැතිර ගිය නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අඟහරුවාදා (මාර්තු 06) වසා දැමීමට නියෝග කළ බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසයි.

මේ අතර අඟහරුවාදා උදෑසන (මාර්තු 06) තෙක් මහනුවර පරිපාලන දිස්ත්‍රික්කයේ පොලිස් ඇඳිරි නීතිය බල පැවැත්වෙන බව පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මාධ්‍ය හමුවක දී සඳහන් කළේය.

මේ අතර තත්ත්වය පිළිබඳව අපක්ෂපාතී සහ ස්වාධීන පරීක්ෂණයක් පවත්වන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලීසියට සහ ආරක්ෂක අංශවලට නියෝග කර තිබේ.

ප‍්‍රදේශයේ සියලු දෙනාගේ ආරක්ෂාව සහතික කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන ලෙස ද ජනාධිපතිවරයා පොලීසියට සහ යුද හමුදාව වෙත උපදෙස් දුන් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

වැඩි තොරතුරු : මහනුවර තත්ත්වය: ස්වාධීන පරීක්ෂණයකට ජනපතිගෙන් නියෝග