ස්මිත්ට සහ වෝනර්ට අයි.පී.එල් අහිමි වෙයි

Image caption ස්මිත් සහ වෝනර් පන්දුව පළුදු කිරීමේ වරද පිළිගනිති

දකුණු අප්‍රිකාවත් සමඟ පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය අතරවාරයේ පන්දුව පළුදු කරනු ලැබීම සම්බන්ධයෙන් ලද චෝදනා හමුවේ අවමානයට පත්ව සිටින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයන් දෙදෙනා වන ස්ටීව් ස්මිත්(Steve Smith) සහ ඩේවිඩ් වෝර්නර් (David Warner)ඉන්දීය ෆ්රිමියර් ලීග් (අයි.පී එල්) තරඟාවලියෙන් ඉවත් කරන ලද බව අද බදාදා (මාර්තු 28) නිවේදනය කෙරුණි.

මෙවර අයි.පී එල් ක්‍රීඩක වෙන්දේසියේ දී 'රාජස්තාන් රෝයල්' ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ස්ටීව් ස්මිත්(Steve Smith) මිලට ගෙන තිබුණේ ඩොලර් දහනව ලක්ෂයක ලන්සුවකට ය.

ඒ අතර 'සන්රයිස් හයිද්‍රාබාද්' ක්‍රිකට් ක්‍රීඩා සමාජය විසින් ඩේවිඩ් වෝර්නර් (David Warner) සමඟ ඊට සමාන මූල්‍ය වටිනා කමක් සහිත ගිවිසුමකින් බැඳී තිබුණි.

දකුණු අප්‍රිකානු සිද්ධියෙන් පසු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ද එම ක්‍රීඩකයන් දෙදෙනාට එරෙහිව මාස දොළහක ක්‍රීඩා තහංචියක් පනවා ඇත.

Image caption කේප් ටවුන් හිදී පන්දුවට සිදු වූ දේ පෙන්වන සයිමන් හියුස්

ඔවුන් දෙදෙනා පන්දුව පළුදු කිරීමේ අපචාරයට හසු වුණේ, දකුණු අප්‍රිකාවට එරෙහිව එරටේ දී පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ තුන්වෙනි ක්‍රිකට් තරඟයේදීය

"දැනටමත් ක්‍රීඩා තහංචියක් බල පැවැත්වෙන ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් දෙදෙනා මේ වසරේ ඉන්දියානු තරඟවලින් ද ඉවත් කර තබන බව 'ඉන්දීය ෆ්රිමියර් ලීග්' (අයි.පී එල්) සභාපති රජීව් ෂුක්ලා (Rajeev Shukla) වාර්තාකරුවන් අමතමින් සඳහන් කළේය.

ඔවුන් දෙදෙනා වෙනුවට වෙනත් ක්‍රීඩකයන් දෙදෙනෙක් ආදේශ කරන බවත් ඉන්දීය ෆ්රිමියර් ලීග් (අයි.පී එල්) සභාපතිවරයා පවසයි.

තවත් පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර