“වඳුරා දුටුතැන අල්ලනු!”

ඔරිස්සාවේ වඳුරන් ගෙවල් තුළට පැන ආහාර පැහැර ගැනීම සාමාන්‍ය සිදුවීමක තත්වයට පත්ව ඇත.
ඡායාරූප ශීර්ෂ වැකිය,

ඔරිස්සාවේ වඳුරන් ගෙවල් තුළට පැන ආහාර පැහැර ගැනීම සාමාන්‍ය සිදුවීමක තත්වයට පත්ව ඇත.

ළමයකු පැහැර ගෙනගොස් ජීවිත හානියක් සිදු කළ බවට චෝදනා ලබන වඳුරකු අල්ලා ගනු ලැබීම සඳහා "සෙවිල්ලෙන් සිටීමේ පොලිස් මෙහෙයුමක්" පිළිබඳව නැගෙනහිර ඉන්දියාවේ ඔරිස්සා ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

වඳුරා විසින් පැහැර ගන්නා ලද දරුවාගේ මළ සිරුර ඊට පසුදින ළිඳක් තුළ තිබී සොයාගනු ලැබ ඇත.

වඳුරා සිය දරුවා පැහැර ගෙන යන ආකාරය එම දරුවාගේ මව දැක ඇතත් ඇයට සිය පුතු බේරා ගැනීමට නොහැකි වූ බව පැවසෙයි.

අනතුරුව දරුවා සෙවීමේ නිරත වෙමින් සිටි පවුලේ ඥාතියකුට එම පැහැර ගැනීමෙන් දවසකට පසු ඉරිදා (අප්‍රියෙල් 01) නිවස පිටුපස ලිඳක තිබී දරුවාගේ මළ සිරුර හමු වී ඇත.

වඳුරා විසින් දරුවා පැහැර ගෙන ගොස් තිබෙන්නේ ඔහුගේ නිවසට ඇතුල් වීමෙනි.

එම අපරාධය සිදු වූ ප්‍රදේශයේ වඳුරන් නිතරම මෙන් දේපොළ ආදියට හානි සිදු කරන නමුත්, දරුවන් පැහැර ගැනීම ඉතාම දුර්ලභ කාරණයක් වන බව 'ඔරිස්සා' නිලධාරීහු පවසති.

දරුවා පැහැර ගත් වඳුරා සතියක් ඇතුළත අල්ලා ගැනීමට බලාපොරොත්තු වෙන බව 'ඔරිස්සා' ප්‍රාන්තයේ පොලිස් නිලධාරියකු වන 'ප්‍රධාන්' බීබීසියට ප්‍රකාශ කළේය.

"වඳුරන් මිනිසුන්ට පහර දීම සහ ආහාර සොයා ගෙවල් ඇතුළට වැදීම නිතරම වගේ සිදුවෙන දෙයක්. ඒත් වඳුරෙක් දරුවකු අරන් යෑමක් ගැන වාර්තා වුන පළමු අවස්ථාව මේකයි" පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

ඡායාරූප ශීර්ෂ වැකිය,

අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ රන් ආභරණ වෙළඳසැලකින් වඳුරකු මුදල් සොරා ගන්නා ආකාරය

'ඔරිස්සා' පොලිසිය චූදිත වඳුරා අල්ලා ගැනීම සඳහා වඳුරන් ඇල්ලීමේ විශේෂඥයන් වන ගෝත්‍රික කණ්ඩායමක ද සහයෝගය ලබා ගනිමින් ඇත.

සෙනසුරාදා උදේ වරුවේ නිවසට ඇතුල් වූ වඳුරා නිවස තුළ සිටි බිළිඳා පැහැර ගෙන ගොස් ඇතැයි වනජීවී නිලධාරීහු බීබීසියට ප්‍රකාශ කළහ.

බිලිඳු සිරුර පරීක්ෂා කළ වෛද්‍යවරියක් අදහස් දක්වමින් කිසිදු බරපතළ තුවාලයක් මළ සිරුරේ දක්නට නොමැති බව සඳහන් කළේය.

"දියේ ගිලීම නිසා සිරුරට ඔක්සිජන් නොලැබීම මරණයට හේතුව බව" වෛද්‍යවරියගේ නිගමනය විය.

වඳුරා දරුවා රැගෙන යමින් සිටියදී ළිඳට වැටුණා විය හැකැයි එම ප්‍රදේශයේ ජනතාව මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළහ.

ඡායාරූප ශීර්ෂ වැකිය,

බස්රියක් පදවන ඉන්දියානු වඳුරෙක්

සබැඳි පුවත්;