FoC: බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය

Image copyright FOC

එක්සත් රාජධානියේ වාර්ෂික ශ්‍රී ලාංකේය ක්‍රිකට් සැණකෙළිය 30 වෙනි වරටත් පසුගිය ඉරිදා (ජූලි 8) නැගෙනහිර ලන්ඩනයේ ඉල්ෆර්ඩ් (Ilford) හේනොල්ට් (Hainault) ක්‍රීඩා පිටියේදී පැවැත්විණ.

මෙම සැණකෙළිය සඳහා 5000කට අධික පිරිසක් සහභාගි වී ඇති අතර, සිය රටෙන් පිටත ශ්‍රී ලාංකිකයන් වැඩිම පිරිසක් සහභාගි වන උත්සවය මෙය බව සංවිධායකයෝ පවසති.

සැණකෙළියට සහභාගි වීම සඳහා අසල්වැසි යුරෝපා රටවල මෙන්ම ඕස්ට්‍රේලියාව, ඇමරිකාව සහ කැනඩාව වැනි ඉතා දුර බැහැර රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයන්ද පැමිණ සිටිනු දක්නට ලැබිණි.

Image copyright FOC
Image copyright FOC
Image copyright FOC
Image copyright Tuk Tuk Kella
Image caption 'ටුක් ටුක් කෙල්ල' ලෙස ශ්‍රී ලංකාවේ ජනප්‍රිය වී සිටින බ්‍රිතාන්‍ය ජාතික Cassie Trevis සිය ත්‍රී රෝද රථය සමග
Image copyright FOC

ශ්‍රී ලංකාවේ පාසල් කීපයක ආදී ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන්ගේ එකතුවෙන් සංවිධානය කරන මෙම ක්‍රිකට් සැණකෙළිය සඳහා විවිධ පාසල් නියෝජනය කරමින් ක්‍රිකට් කණ්ඩායම් තරග වදිනු ලබයි.

මේ වසරේ තරගාවලිය සඳහා පාසල් 32ක ආදී ශිෂ්‍ය සංගම්වල සාමාජිකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් තරග කළ අතර, කාන්තා පාසල් පහක් ද සිය ක්‍රිකට් කණ්ඩායම් ඉදිරිපත් කර තිබුණි.

තරගාවලියේ ශූරතාව හිමි කරගනු ලැබුවේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලය වන අතර, අනු ශූරතාව කුරුණෑගල මලියදේව විද්‍යාලයට හිමි විය.

මේ අතර, අවසන් තරග වටයට තේරී පත් නොවුණු පාසල් ආදි ශිෂ්‍ය කණ්ඩායම් අතර පැවති තරගවලින් කොළඹ, තර්ස්ටන් විද්‍යාලය ජයග්‍රහණය ලැබීය.

කාන්තා ක්‍රිකට් ශූරතාව ජයග්‍රහණය කරනු ලැබුවේ නුවර උසස් බාලිකා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකාවන්ගෙන් සැදුම් ලත් කණ්ඩායම විසිනි.

Image copyright FOC
Image copyright FOC
Image caption තරගාවලියේ ශූරතාව හිමි කරගනු ලැබුවේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදී ශිෂ්‍යයින් විසිනි
Image copyright FOC
Image caption අනු ශූරතාව කුරුණෑගල මලියදේව විද්‍යාලයට හිමි විය
Image copyright FOC
Image copyright FOC
Image caption 'ප්ලේට්' කුසලානයේ ජයග්‍රාහකයන් වූ කොළඹ, තර්ස්ටන් විද්‍යාලය

ක්‍රිකට් සැණකෙළිය පැවැත්වූ පිටිය විවිධ අංගවලින් හැඩවී තිබුණ අතර, ශ්‍රී ලාංකේය ආහාර පාන වර්ග බොහොමයක් මිලදී ගැනීමට අවස්ථාව සලසා තිබුණි. කැවුම්, කොකිස් වැනි සාම්ප්‍රදායක ආහාරවලට අමතරව, කොත්තු රොටි, ආප්ප, ඉඳි ආප්ප, පිට්ටු සහ පොල් රොටි වැනි ආහාරද, නොයෙකුත් පලතුරු වර්ගද මිලදී ගත හැකි විය.

ශ්‍රී ලාංකේය සංස්කෘතික සංදර්ශනයකින් ආරම්භ වූ මෙම සැණකෙළියේ කුඩා දරුවන් සඳහාද විවිධ ක්‍රියාකාරකම් සංවිධානය කර තිබුණි. උත්සවය පවතින කාලය තුළ එම ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32ක් ලෙස සටහන් විය.

පිටියේ එක් පසෙක තිබූ දැවැන්ත වේදිකාවේ එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකේය සංගීත කණ්ඩායම් කීපයක් වාදනය සහ ගායනයේ නිරත වූ අතර, ආරාධිත කලා ශිල්පීන් ලෙස භාතිය සහ සන්තුෂ් පැය දෙකකට ආසන්න කාලයක් ගීත ගායනා කළහ.

Image copyright FOC
Image copyright FOC

සැණකෙළිය සඳහා විවිධ ජාතීන් සහ ආගම් නියෝජනය කරමින් ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සහභාගී වී සිටිනු දක්නට හැකි විය. මෙම උත්සවයෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකාවේ සහ එංගලන්තයේ පිළිකා රෝගීන් වෙනුවෙන් පරිත්‍යාග කිරීමට නියමිත බව සංවිධායකයෝ පැවසූහ.

කෙසේවෙතත්, 2018 ක්‍රිකට් සැණකෙළියේ සියල්ල ඉතා සතුටුදායක ලෙස නිම නොවීය. සංගීත සංදර්ශනය අවසාන වීමට ආසන්න වන විට තරුණ කණ්ඩායම් කීපයක් අතර ගැටුමක් ඇති වූ අතර, ආරක්ෂක අංශ මැදිහත් වීමෙන් එම පිරිස විසුරුවා හැරීමට කටයුතු කරන ලදී.

මේ අතර, බීබීසී සිංහල සේවය ඇමතූ සංවිධායක මණ්ඩලය කියා සිටියේ සකස් කළ සැළසුම් සහ ප්‍රාදේශීය අධිකාරීන්ගේ උපදෙස් පරිදි නියමිත කාලය, එනම් පස්වරු 7.30 වන විට සැණකෙළිය සාර්ථකව නිම කිරීමට තමන්ට හැකි වූ බවය.

Image copyright FOC
Image copyright FOC

මේ තොරතුරුද දැනගන්න: