කිලිනොච්චිය: කුඹුරු යායක තරුණියකගේ මළ සිරුරක්

කිලිනොච්චිය, පණ්ණකඩ්ඩි ප්‍රදේශයේ කුඹුරු යායක තිබි වයස අවුරුදු 18 ත් 20 ත් අතර වයසේ පසුවන තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි.

කුඹුරු යායකට ජලය සපයන ඇළ මාර්ගයක තිබි බදාදා (29) උදෑසන මළ සිරුර සොයාගත් බවත්, මළ සිරුර අසළ තිබි යතුරුපැදි යතුරක්, පාවහන්, සහ තරුණියට අයත් යැයි සිතිය හැකි පා පළඳනා ආදීය හමුවී තිබෙන බව කිළිනොච්චි පොලිසියේ මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැවසීය.

මසුන් ඇල්ලීමට ගිය පිරිසක් මළ සිරුර දැක ඇති බවත්, මියගිය තරුණිය කවුරුන්දැයි යන්න මෙතෙක් අනාවරණයවී නොමැති බවත්, මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසුව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය බීබීසී සිංහල සේවය කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මේගැනත් කියවන්න:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර