ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ "අපරාධයක්"
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

පෙම්වතුන් සහ නීතිය: ශ්‍රී ලංකාවේ ලිංගික අධ්‍යාපනය කියන්නේ "අපරාධයක්"

"මට මේ ගැන පෞද්ගලික අත්දැකීමක් තිබෙනවා. A/L කරන කාලේ පන්ති ඇරිලා ගෙදර යන්න මම කුරුණෑගල බස් නැවතුම්පොළේ හිටියා. සීසන් එකෙන් යන්න සීටීබී බස් එකක් එනකන් තමයි බලා හිටියේ. 2010, 2011 කාලයේ කුරුණෑගල පෙම්වතුන් අසභ්‍ය විදිහට හැසිරෙනවා, පාක් එකේ ගොඩ දෙනෙක් අල්ලනවා කියලා රාවයක් ගිය කාලයක්. ඒ නිසා මේ බස් එකට නගින්න කියලා පොලිසිය ඇවිත් මට කිව්වා. මම කිව්වා නැහැ මම සීටීබී බස් එකක් එනකන් ඉන්නේ කියලා. සීටීබී නෙමෙයි එන බස් එකට නැගලා යන්න කියලා පොලිසිය කිව්වා. මට ඒ වෙලාවේ ඕන වුණේ මම වැරැද්දක් නෙවෙයි කරන්නේ කියලා පෙන්වන්න. බස් එකට නැග්ගා නම් මමත් වැරදිකරුවෙක් වෙනවා"

කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක වශයෙන් කටයුතු කරන ධනුෂිකා අබේරත්න පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පවතින නීතිමය පසුබිම පිළිබඳ සංවාදය ආරම්භ කළේ පාසල් අවධියේ තමන් මුහුණ දුන් අත්දැකීමක් විස්තර කරමිනි.

සම්පූර්ණ ලිපිය කියවන්න: පෙම්වතුන් අත්අඩංගුවට ගැනීම: ඔබේ අයිතිවාසිකම් දැන ගන්න

සබැඳි විෂයයන්