පාස්කු ඉරිදා ප්‍රහාර: යළි නැගිටින ශ්‍රී ලංකාව

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් 250 කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් විශාල පිරිසක් තුවාල ලබා, මේ වනතෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටිති.

ඒ සියලු දෙනා වෙනුවෙන් රටපුරා විවිධ ආගමික වතාවත් සිදු කෙරෙමින් පවතී.

මේ අතර, ආරක්ෂක අංශ ඇතුළු බොහෝ දෙනෙක් දිවා රාත්‍රී වෙහෙසෙමින් ප්‍රහාර එල්ල වූ ස්ථාන නැවත ගොඩනැගීමට ක්‍රියා කරන ආකාරය කැමරා කාචයේ මෙසේ සටහන් වී තිබිණි.

Image copyright Getty Images
Image caption පාස්කු ඉරිදා ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ අය සිහිකරමින් කොළඹ දී පැවති 'පහන් පූජාවක්'
Image copyright Getty Images
Image caption ඇති වී තිබෙන තත්වය සමග රට පුරා ආරක්ෂාව තර කර තිබේ. දැඩි වර්ෂාව මධ්‍යයේ සිය රාජකාරියේ යෙදෙන හමුදා නිලධාරීන් පිරිසක්
Image copyright Getty Images
Image caption ශ්‍රී ලංකා සිතියමේ හැඩයට පහන් දල්වා ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකරන ඉන්දියානුවන් පිරිසක්
Image copyright Getty Images
Image caption ප්‍රහාර එල්ල වී සතියක් ගත වූ 28 වෙනි ඉරිදා කොළඹ, ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට හැගීම්බරව යාඥාවේ යෙදෙන බැතිමතුන් පිරිසක්
Image copyright Getty Images
Image caption සඳුදා (අප්‍රේල් 29) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් නික්මෙන විදේශිකයින්
Image copyright Getty Images
Image caption 'නොඑන ගමන් ගිය' ඥාතීන්ගේ සොහොන් කොත් දෙස බලා සිටින මොහොතක්
Image copyright Getty Images
Image caption සැකකරුවෙකුගේ නිවසක් අසළ පරීක්ෂා කරන පොලිස් නිලධාරියෙක් සහ පොලිස් සුනඛයෙක්
Image copyright Getty Images
Image caption අප්‍රේල් 28 වෙනි ඉරිදා දිවයින පුරා කතෝලික දේවස්ථාන සාම්ප්‍රදායික දේව මෙහෙය නොපැවැත්වීමට ශ්‍රී ලංකා කතෝලික සභාව පියවර ගෙන තිබිණි. කොළඹ අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත්ගේ ප්‍රධානත්වයෙන් අගරදගුරු මන්දිරයේ පැවති දිව්‍ය පූජා යාගය රූපවාහිනී ඔස්සේ නරඹමින් යාඥාවේ යෙදෙනෙ පවුලක්
Image copyright Getty Images
Image caption මුර සංචාරයේ යෙදෙන හමුදා සෙබළුන්
Image copyright Getty Images
Image caption ප්‍රහාරවලින් විනාශ වූ ශාන්ත අන්තෝනි දේවස්ථානය පිළිසකර කරන ආරක්ෂක අංශ සාමාජිකයන්
Image copyright Getty Images
Image caption දේවස්ථානය සෝදා පවිත්‍ර කරන ආකාරය
Image copyright Getty Images
Image caption කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට
Image copyright Getty Images
Image caption ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූවන් සිහිකර කැලණිය විහාරස්ථානයේ සිදු කළ බෞද්ධ ආගමික වතාවත්
Image copyright Getty Images
Image caption ප්‍රහාරවලින් විපතට පත් වූවන් වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ශාන්ත මරියා දේවස්ථානය ඉදිරිපිට රැස් වූ පිරිසක්
Image copyright Getty Images
Image caption ගෝලීය දේශගුණික විපර්යාස සහ පරිසර විනාශයට එරෙහිව දින ගණනාවක් පුරා ලන්ඩන් නුවර පැවති උද්ඝෝෂණ අතරතුර ප්‍රහාරවලින් විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහි කළ අයුරු
Image copyright Getty Images
Image caption පාකිස්තානයේ දිවිගෙවන කතෝලික පිරිසක් පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ ප්‍රහාරවලින් මියගිය අය සිහිකරමින්
Image copyright Getty Images
Image caption විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහි කිරීමට ඉන්දියාවේ සිලිගූරි නගරයට එක්රැස් වූ ඉන්දියානු කතෝලික බැතිමතුන් පිරිසක්
Image copyright Getty Images
Image caption "ත්‍රස්තවාදයට ආගමක් නොමැත" යනුවෙන් සඳහන් පුවරුවක් අතැතිව සිටින ඉන්දීය කාන්තාවක්
Image copyright Getty Images
Image caption කොළඹ සුපිරි හෝටල්වලට එල්ල වූ ප්‍රහාරවලින් මියගිය බංගලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රී ෂයික් ෆස්ලුල් කරීම් සෙලීම්ගේ මුණුපුරාගේ අවමංගල්‍ය උත්සවය
Image copyright Getty Images
Image caption විපතට පත් ශ්‍රී ලාංකිකයන් සිහි කිරීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පිහිටි ලෝකයේ උසම කුලුන මෙසේ සරසා තිබිණි

මේ තොරතුරුද කියවන්න: