මෛත්‍රී, රනිල් සහ මහින්ද ඉන්දියාවේ මෝදිට දැක්වූ ප්‍රතිචාරය

Image copyright AFP
Image caption ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ ආධාරකරුවන් මෝදිගේ ජය සැමරූ ආකාරය

ඉන්දීය මහ මැතිවරණයේ සම්පුර්ණ නිල ප්‍රතිඵලය නිකුත්වීමටත් පෙර ශ්‍රී ලංකාවේ නායකයෝ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිට සුබ පැතුම් නිකුත් කළහ.

දැනට ප්‍රකාශිත ප්‍රතිඵල අනුව අගමැති මෝදි ගේ නායකත්වයෙන් යුත් සන්ධානය පැහැදිලිව ම ඉදිරියෙන් සිටී.

India Election 2019
අවසන් ප්‍රතිඵලය
අවසන් යාවත්කාලීනවීම:
13:11 ඉන්දීය සම්මත වේලාව
350
bjp+
85
inc+
107
Others
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම
අවසන් යාවත්කාලීනවීම: 13:11 ඉන්දීය සම්මත වේලාව
මූලාශ්‍රය: ඉන්දීය මැතිවරණ කොමිසම
Image copyright EPA

ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අගමැති මෝදිට සුභ පතමින් ට්විටර් පණිවිඩයක් නිකුත් කර තිබේ.

"ඔබේ ජයග්‍රහණය වෙනුවෙන් සහ ඔබගේ නායකත්වය ජනතාව විසින් යළි සහතික කරනු ලැබීම වෙනුවෙන් ශුභාශිංසන" යනුවෙන් මෙම ට්විටර් පණිවිඩය ආරම්භ කර ඇත.

ඉන්දියාව සමඟ පවතින උණුසුම් සහ හිතකර සබඳතා අනාගතයේදීත් නොකඩවා පවත්වාගෙන යාමට ශ්‍රී ලංකාව බලාපොරොත්තුවෙන් සිටින බව ජනාධිපති සිරිසේන එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

මේ අතරතුර ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද ඉන්දීය අගමැතිවරයාට සුභ පැතුවේය.

"විශිෂ්ට ජයග්‍රහණය වෙනුවෙන් නරේන්ද්‍ර මෝදිට ශුභාශිංසන. ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට අපේක්‍ෂාවෙන් සිටිමු," යනුවෙන් අගමැති රනිල් වික්‍රමසිංහ නිකුත් කළ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙයි.

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ සුභ පැතුම ද මේ අතරට එක් වී ඇති අතර එය ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සුබ පැතුමට වඩා මදක් දීර්ඝ වූ ට්විටර් සටහනකි.

"දෙවැනි වතාවටත් අගමැති ධුරයට පත්වීම පිළිබඳව හෘදයාංගම සුබ පැතුම් සහ ශුභාශිංසන" පිරිනමන විපක්ෂ නායකවරයා, "මෝදි ගේ නායකත්වය යටතේ ඉදිරියට යන ඉන්දියාවේ ජනතාවට" ද සුබ පතා ඇත.

නරේන්ද්‍ර මෝදි ගේ නායකත්වය යටතේ දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා පවතින අපේක්‍ෂාව ද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ගේ ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබේ.

ඇෆ්ගනිස්ථානයේ ජනාධිපති අශ්රාෆ් ඝානි ගේ සුබ පැතුම ද මේ වන විට නිකුත් නිකුත් වී ඇත.

"ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් දෙකෙහි සහයෝගීතාව පුළුල් කරගැනීම සඳහා පවතින අපේක්‍ෂාව" අවධාරණය කරන ඔහු "දකුණු ආසියානු කලාපයයේ පවතින සාමය නොකඩවා පවත්වාගෙන යාම" සඳහා ශුභාශිංසන එක් කළේය.

ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ "ඉන්දියාව සහ ඊශ්‍රායලය අතර පවතින මහා මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා දෙදෙනා එක්ව කටයුතු කරමු," යනුවෙනි.

අගමැති නෙතන්යාහු තවදුරටත් සඳහන් කර ඇත්තේ "ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදය තුළ ඔබේ නායකත්වය මෙම මැතිවරණය මගින් තහවුරු කර ඇති" බවය.

නරේන්ද්‍ර මෝදිගේ ජයග්‍රහණය වෙනුවෙන් තවත් බොහෝ ලෝක නායකයින්ගෙන් සුභ පැතුම් එක්වෙමින් පවතී.

ඉන්දියානුවන් ජය සමරන ආකාරය:

Image copyright EPA
Image copyright EPA
Image copyright EPA

මේ තොරතුරුද කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර