දිය මත ලිස්සා යාම
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ලිස්සා යන්න සමත් තරුණයන්ගේ දස්කම්

ලෝක රළ මත ලිස්සා යාමේ තරගාවලියේ එක් අදියරක් මේ දිනවල ශ්‍රී ලංකාවේදී පැවැත්වේ.

So Sri Lanka Pro 2019 තරගාවලිය සඳහා රටවල් 25ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 124ක් සහභාගි වී සිටිති.

2011 වර්ෂයෙන් පසු මෙම ජාත්‍යන්තර තරගාවළිය මෙවර ආරුගම්බේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා රළ මත ලිස්සායාමේ සම්මේලනයේ සභාපති හිරාන් සම්පත් උක්වත්ත බීබීසී සිංහල සේවයට පැවසීය.

සැප්තැම්බර් 25 වැනි දින මූලික තරග ආරම්භ වූ අතර අවසන් තරගය සැප්තැම්බර් 29 වැනිදා පැවැත්වේ.

තරගය නැරඹීම සඳහා සංචාරකයෝ විශාල පිරිසක් පැමිණ සිටිති.

ඒ අතර සිටි අයර්ලන්ත සංචාරකයෙකු වන ජෝ ලොරී මෙලෙස අදහස් පළ කළේය.

''බෝම්බ ප්‍රහාර වළින් පසුව ශ්‍රී ලංකාව නැගිටිමින් සිටින එක ගොඩක් සතුටුයි. ලෝක රළ මත ලිස්සායාමේ තරගාවලිය මේ ලස්සන පරිසරයේ පැවැත්වීම ගැන මට හරිම සතුටුයි. ශ්‍රී ලංකාව තමයි මේකට සුදුසුම තැන. විශේෂයෙන් ආරුගම්බේ.''

මේ අතර තරගයට සහභාගි වීම සඳහා ඉන්දුනීසියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ටිපී ටැබ්රික් පැවසුවේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාව ආරක්ෂිත රටක් බව ලොවට කියන්නට මෙය කදිම අවස්ථාවක් වන බවය.

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ද ක්‍රීඩකයන් සහභාගි වේ.

රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව සඳහා ලෝකයේ වඩාත් යෝග්‍ය ස්ථානයක් ලෙස ආරුගම්බේ ප්‍රසිද්ධියක් උසුලයි.

පානම සිට කෝමාරි දක්වා පමණක් රළ මත ලිස්සා යාම සඳහා සුදුසු ස්ථාන 14ක් පමණ ඇති බව පැවසේ.

මීට අමතරව දකුණු වෙරළ තීරයේ හික්කඩුව සහ තංගල්ල ආශ්‍රිතවද රළ මත ලිස්සායාමේ ක්‍රීඩාව සිදුකෙරේ.

කියවන්න: