සූර්යග්‍රහණය: "ගිනි බෝලය" නැරඹීමට රැස් වූ ආසියානු වැසියෝ

The solar eclipse as seen earlier from central Myanmar

ඡායාරූප මූලාශ්‍රය, AFP/getty images

ඡායාරූප ශීර්ෂ වැකිය,

මියන්මාරයට දක්නට ලැබුණ සූර්යග්‍රහණය

ආසියාව පුරා රටවල වෙසෙන ජනතාවට මණ්ඩලාකාර සූර්යග්‍රහණයක් දැක ගන්නට ලැබිණ.

"ගිනි බෝලයක්" (ring of fire) ලෙසින් ද ඇතැමුන් විසින් හඳුන්වනු ලබන සූර්යග්‍රහණය නැරඹීම පිණිස ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව, ඉන්දියාව සහ සවුදි අරාබිය ඇතුළු රටවල් ගණනාවක ජනතාව රොක් වී සිටියහ.

මෙම මණ්ඩලාකාර සූර්යග්‍රහණයේ දී චන්ද්‍රයා විසින් සම්පූර්ණයෙන්ම සූර්යයා වසා ගැනීමත් සමග සූර්යයා ගිනි බෝලයක් ලෙස දිස්වෙයි.

සාමාන්‍යයෙන් සෑම වසරකම සූර්යග්‍රහණ දෙකක් සිදුවන අතර, එය සිදුවන්නේ පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් සූර්යයා චන්ද්‍රයාගේ සෙවනැල්ල යටතට පැමිණීමත් සමඟය.

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

සූර්යග්‍රහණය නරඹන මියන්මාරයේ දරුවෝ

ඡායාරූප මූලාශ්‍රය, AFP

ඡායාරූප ශීර්ෂ වැකිය,

එක්ස් රේ කිරණ පිටපතක් මාර්ගයෙන් සූර්යග්‍රහණය නරඹන පාකිස්තාන දැරියක්

මෙම සූර්ය ග්‍රහණයට පෙර මෑත දී වාර්තා වූ සූර්යග්‍රහණ දෙක ඇතිවූයේ පසුගිය ජුලි 02 වෙනි දිනය. එය දර්ශනය වූයේ දකුණු ඇමෙරිකාවට පමණකි.

ලබන වසරේ (2020) දෙසැම්බර් 14 වෙනි දින ඇතිවන මීළඟ සූර්යග්‍රහණය චිලී, ආජන්ටිනා සහ ඇන්ටාක්ටිකා කලාපයට මෙන්ම නිරිත දින අප්‍රිකානු කලාපයට ද දර්ශනය වනු ඇත.

ශ්‍රී ලංකාවට දැකගන්නට ලැබුණ සූර්යග්‍රහණයේ ඡායාරූප සහ වීඩියෝ පට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතී.

මේ, ඒ එෆ් පී පුවත් සේවය 'ට්විටර්' ඔස්සේ පළ කළ වාර්තාවකි.

සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයකට පෙණුන ආකාරය පහත දැක්වේ.

කියවන්න: