"බැංකුවක සඟවා ඇති" හඬපට ගැන රන්ජන් හෙළි කරයි
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

"බැංකුවක සඟවා ඇති" හඬපට ගැන රන්ජන් හෙළිකරයි

දුරකථන සංවාද 15,000ක් සහිත තැටි පහක් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් බදාදා (ජනවාරි 22) සවස පාර්ලිමේන්තුවට භාර දෙනු ලැබ තිබේ.

ඊට පෙරාතුව රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභාගත කරන බව කී හඬපට පිළිබඳ කංචන විජේසේකර ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී විමසා සිටියේය.

ඊට ප්‍රතිචාර දක්වමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සඳහන් කළේ, අදාළ හඬපට එක්තරා බැංකුවක ආරක්ෂිතව තබා ඇති අතර දින දෙකකට ඇප ලබා දිය හැකි නම් ඒවා ඉදිරිපත් කළ හැකි බවය.

මේ අතර මහබැංකු බැඳුම්කර නිකුතුවට අදාළ වෝහාරික වාර්තාව මන්ත්‍රීවරුන්ට ලබාදීම ගැන ද පාර්ලිමේන්තුවේදී අවධානය යොමු විය.

මතභේදයට තුඩු දුන් හඬපට ගැන තවත් පුවත්: