එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වී දස වසරක්

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර දස වසරක් ගතව ඇතත් එතෙක් පැවති ආණ්ඩු ඒ සම්බන්ධයෙන් පවතින අධිකරණ ක්‍රියාමාර්ග අවසන් කිරීමට කටයුතු කර නැති බව සන්ධ්‍යා එක්නැලිගොඩ පවසයි.

ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන් වීම පිටුපස එවක පැවති මහින්ද රාජපක්ෂ පාලනය සිටින බවට චෝදනා එල්ල වේ. නමුත් එවක පැවති ආණ්ඩුවේ ප්‍රධානීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

2015 වසරේදී බලයට පත් 'යහපාලන ආණ්ඩුව' යටතේ ප්‍රගීත් එක්නැලිගොඩ සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණ යළි ආරම්භ කළ ද එම පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වුණේ ද, නැතිනම් ඊට උවමනාවක් නොතිබුණේ ද යන්න තමන් නොදන්නා බව සන්ධ්‍යා එක්නැලිගොඩ කියා සිටී.

"2015 සිට 2019 දක්වා තිබුණ ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් මේ වන විට ආරම්භ වී තිබෙනවා. කවදාහරි දවසක මේ පොළොවේ සත්‍ය සහ යුක්තිය ඉටු කර ගැනීම මගේ බලාපොරොත්තුව" යනුවෙන් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

අතුරුදහන් වූ මාධ්‍යවේදියා සිහි කර සිකුරාදා (ජනවාරි 24) කොළඹදී චිත්‍ර ප්‍රදර්ශනයක් සහ ''මිනිසුන් අතුරුදන්වන ලෝකය ගැන කථිකාවක්'' සංවිධාන කර තිබිණි.

අතුරුදහන් වූවන් ගැන තවත් පුවත්: