කොරෝනා වෛරසය: ගම්පහ කෝවිඩ් පොකුරට අදාළ PCR පරීක්ෂණ 1300ක්

කොරෝනා වෛරසය: ගම්පහ කෝවිඩ් පොකුරට අදාළ PCR පරීක්ෂණ 1300ක්

වේයන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් කේන්ද්‍ර කරගෙන ඇතිවූ 'කොරෝනා නව පොකුරේ' අවදානම ගම්පහට පමණක් නොව මුළු රටටම ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර පවසයි.

කලින් හඳුනාගත් රෝගී කාන්තාවට සහ ඇගේ දියණියට අමතරව ඔක්තෝබර් 05 වැනිදා නව රෝගීන් 69ක් හඳුනා ගන්නා ලදි.

ඔවුන් සියලු දෙනාම මිනුවන්ගොඩ බ්රැන්ඩික්ස් ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

එම ආයතනයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් 1300කගේ PCR පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ඒවායේ ප්‍රතිපල ඔක්තෝබර් 6 වැනිදා ලැබීමට නියමිතව තිබේ.

මේ ගැනත් කියවන්න: