වට්ස්ඇප් නියමයන්: පරිශීලකයින්ගේ දත්ත ෆේස්බුක් සමග බෙදාගැනීම පෞද්ගලීකත්වයට හානියක් ද?

වට්ස්ඇප්

කෙටි පණිවුඩ යැවීමට මහජනතාව අතර ප්‍රචලිත දුරකථන යෙදවුමක් වන වට්ස්ඇප් (WhatsApp) හි නියමයන් හා කොන්දේසි වෙනස්කිරීම හේතුවෙන් මහජනතාවගේ පෞද්ගලිකත්වයට හානි සිදුවිය හැකිය යන්න පිළිබඳ සමාජය තුළ මහත් ආන්දෝලනයක් ඇති වීමත් සමග අදාළ සමාගම එම නව නියමයන් සහ කොන්දේසි බලගැන්වීම තාවකාලිකව කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තාවිණි.

මුලින් ප්‍රකාශ වී තිබුණේ පෙබරවාරි 8 වනදා වන විට නව කොන්දේසි වලට අවනත නොවන පරිශීලකයන්ගේ යෙදවුම ස්වභාවිකවම අක්‍රිය වන බවකි. එහෙත් සමාජයෙන් මතුවූ විරෝධය මාධ්‍යයේ එම සමාගම මැයි මස 15 වන දා දක්වා අදාළ කාල සීමාව දීර්ඝ කිරීමට තීරණය කළ බව නිවේදනය කෙරිණි.

නව සේවා කොන්දේසි වලට අනුව වට්ස්ඇප් යෙදවුම භාවිතයේදී පරිශීලකයන්ගේ දත්ත තම මව් සමාගම වන ෆේස්බුක් සමාගම සමඟ බෙදා ගැනීම සඳහා නව වෙනස්කම් මගින් යෝජනා කරන බවක් පෙනෙන්නට විය.

එහි පණිවිඩහි "ව්‍යාකූලත්වයක්" ඇති බව විශ්ලේෂකයන්ගේ අදහස වී තිබේ. මෙම නිවේදනය යැවීම සම්බන්ධයෙන් සමාගම විවේචනයට ලක් වූ අතර, එම නිවේදනය සහ දැනුම්දීම වට්ස්ඇප් වේදිකාව හරහා බෙදා හැරුණු දා සිට, ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් සිග්නල් සහ ටෙලිග්‍රෑම් වැනි විකල්ප පණිවිඩ යෙදුම් බාගත කර ගත බව වාර්තාවිය.

බිලියන දෙකකට අධික පරිශීලකයින් පිරිසක්, ෆේස්බුක් (facebook) සමාගමේ හිමිකාරිත්වය ඇති වට්ස්ඇප් යෙදවුම භාවිත කරන බවට දත්ත මගින් පෙන්නුම් කෙරෙන අතර මුහුණු පොතේ හිමිකාරිත්වය ඇති ෆේස්බුක් සමාගම විසින් 2014 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 19ක් ගෙවා වට්ස්ඇප් සමාගම මිලදී ගනු ලැබිණි.

ෆේස්බුක් සමාගම විසින් පරිශීලකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා නොකිරීම පිළිබඳව විවිධ අවස්ථාවන් හිදී රටවල් කිහිපයක අධිකරණයන් හිදී චෝදනා ගොනුකෙරිණි.

වට්ස්ඇප් සමාගම මෙම චෝදනාවන්ට පිළිතුරු දෙමින් කියා සිටියේ පුද්ගලික පණිවිඩ සැමවිටම සංකේතනය (කේතගත) කර ඇති අතර එය පුද්ගලිකව පවතින බවය. ෆේස්බුක් සමඟ ඇතැම් පරිශීලක දත්ත හුවමාරු කර ගැනීමේ පුරුද්ද අලුත් දෙයක් නොවන අතර එය පුළුල් කිරීමේ උත්සාහයක් ද නැති බව සමාගම පවසයි.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

WhatsApp ආයතනය ඉන්දියාවේ පුවත්පතක පළකළ දැන්වීමක්

"මෙම යාවත්කාලීනකිරීමට, ජනතාවට වට්ස්ඇප් හි පණිවුඩයක් යැවිය හැකි නව විකල්ප ඇතුළත් වන අතර, අප දත්ත රැස් කරන ආකාරය සහ භාවිත කරන ආකාරය පිළිබඳ තවදුරටත් විනිවිදභාවයක් ලබා දෙයි," යනුවෙන් එම සමාගම වැඩිදුරටත් පැවසීය.

වට්ස්ඇප් ඔවුන්ගේ 'නිතර අසන පැන' සටහනක පවසා තිබුණේ ඔවුන් දැනටමත් ෆේස්බුක් හා අනුබද්ධිත වෙනත් සමාගම් සමඟ බෙදාගන්නා දත්ත වලට පහත සදහන් දත්ත ඇතුළත් වන බවය.

"ලියාපදිංචිවීමේදී සපයන දුරකථන අංකය සහ වෙනත් තොරතුරු (නම වැනි), නිෂ්පාදකයා, මාදිලිය සහ ජංගම දුරකථන සේවා සමාගමඇතුළුව ඔබගේ දුරකථනය පිළිබඳ තොරතුරු, ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවයේ පිහිටීම පෙන්නුම් කරන ඔබගේ IP ලිපිනය, WhatsApp හරහා කරන ඕනෑම ගෙවීම් සහ මූල්‍ය ගනුදෙනු." එම දත්ත වේ.

ඔවුන් තවදුරටත් පැවසුවේ "කෙසේ වෙතත්, මෙය විවිධ රහස්‍යතා සහ පෞද්ගලිකත්ව නීති පවතින යුරෝපයේ සහ එක්සත් රාජධානියේ දී අදාළ නොවේ." යනුවෙනි.

මෙම පසුබිම මත පැන නගින වැදගත් ම කාරණය නම් ජනතාවගේ පෞද්ගලිකත්වය පිළිබඳව නව කතා බහක් සමාජය තුළ ඇතිවීමට පටන් ගැනීම හා එමගින් රටේ අවශ්‍ය නීති රීති සැදීමට ජනතාව සහ බලධාරීන්ගේ අවධානය යොමුකිරීමය.

"WhatsApp ආයතනය පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති යම් පොඩි වෙනස්කම් කරලා තියෙනවා ඒ ගොල්ලෝ දැනටත් information share කරනවා. සාමාන්‍යයෙන් app එකක් information, data එකතු කරනවා. ඒ app එක වඩා වැඩිදියුණු කරන්න, ඒක හොදින් ක්‍රියාත්මක කරන්න පරිශීලකයන්ගේ දත්ත ගන්නවා. නමුත් මෙතන වෙලා තියෙන්නේ දැන් WhatsApp එක facebook එක මිලදී ගත්තහම facebook එකේ තියෙන වෙළෙඳ දැන්වීම් platform එක ඇතුළට WhatsApp එක ගන්න හදනවා," යනුවෙන් සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර බීබීසී සිංහල සේවය සමඟ පැවසීය.

"තවත් ප්‍රධාන කාරණයක් තමයි WhatsApp pay කියන පහසුකම ඉන්දියාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ හරහා වෙන ගනුදෙනුවලදී ඒ තොරතුරු ලබාගැනීමට ඔවුන් බලාපොරොත්තු වෙනවා. facebook ආයතනයට අවශ්‍යයි ඒගොල්ලන්ගේ පරිශීලකයන්ගේ වඩා විස්තරාත්මක පින්තූරයක් (complete profile). එක හින්ද තමයි WhatsApp වල දත්තත් facebook එක්ක දැන් හුවමාරු කරගන්නේ. ඒකට ජනතාවට ඒ පිළිබඳව කිසිම විකල්පයක් දීලා නෑ මේ වෙලාවේ. මේ සිදුවන කතිකාවත නිසා මේ වෙලාවේ WhatsApp ආයතනය හා facebook ආයතනය තැති ගැන්මකට ලක්වෙලා දැන් අඩියක් පස්සට අරන් තියෙනවා."

ඡායාරූප මූලාශ්‍රය, Asela Waidayalankara

ඡායාරූප ශීර්ෂ වැකිය,

සයිබර් ආරක්ෂක උපදේශක අසේල වෛද්‍යාලංකාර

"නමුත් ඇත්තටම ඒගොල්ලෝ කරන්න උත්සාහ දරුවෙ මේ WhatsApp එකේ තියෙන data, data කියන්නේ, ලංකාවේ කට්ටිය ලොකු තැතිගැන්මකට ලක් උනා තමන්ගේ messages WhatsApp ට කියවන්න පුළුවන් කියලා. ඇත්තටම ඒක නෙමෙයි මේකෙන් වෙන්නේ. තමන්ගේ usage data (ක්‍රියාකාරී දත්ත) උදාහරණයක් හැටියට WhatsApp එක දැනටත් battery strength එක, කොහොමද internet එකට යන්නේ. මොකද්ද ඔයාගේ සේවා සපයන්නා , Dialog ද Mobitel ද, එතකොට ඔයා text-heavy ද video-heavy user කෙනෙක්ද කියන එක. සාමාන්‍යයෙන් වැඩිපුර කාත් එක්කද කතාකරන්නේ? ඒ කතාකරන කෙනා facebook එකේ ඉන්නවද නැද්ද? ඉතින් ඒ වගේ data මේගොල්ලෝ දැනටත් collect කළා. නමුත් දැන් මෙතන වෙන්නේ ඒ collect කරපු data දැන් facebook එකට යනවා," යනුවෙන් ඔහු පැහැදිලි කළේය.

Facebook ආයතනය තමන්ගේ පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමේදී සහ පාවිච්චි කිරීමේදී අවභාවිතා (mishandle) කළ බවට විවිධ අවස්ථාවලදී එම ආයතනයට නිතිය මගින් විවිධ රටවලදී ක්‍රියාකර ඇත. යුරෝපා සංගමය ට මේ සම්බන්ධයෙන් දඩ ගෙවීමට ඔවුන්ට සිදුවූ අතර අමෙරිකා එක්සත් ජනපදයේ දී දත්ත අවභාවිත කිරීමට අදාළ චෝදනාව සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වන බව අසේල වෛද්‍යාලංකාර කියා සිටියේය.

"ඉතින් මේ අවස්ථාවේදී WhatsApp එකේ data දැන් facebook එකට යනවා කියන එකට privacy advocates ල මේ ක්‍රියාදාමය පිළිබදව ලොකු ප්‍රශ්ණ කිරීමට ලක්වෙනවා. ඒක නිසා තමයි ගොඩාක් කට්ටිය තැතිගැන්මකට කල්වේලා තිබුණේ. WhatsApp එක මේ කරන දේ එච්චර හොද නෑ. මේකෙන් අපේ තවත් data, මේ customer ගේ privacy එක, පෞද්ගලිකත්වය තවත් පරිහානියට ලක්වනවා facebook එකට මේ data WhatsApp හරහා යනඑක."

"නමුත් ලංකාවේ කට්ටිය මේකට බය උනේ තමන්ගේ personal data, ඒ කියන්නේ තමන් යවන messages තමන් ඉන්න groups facebook එකට expose වෙයි කියලා. එත් එහෙම වෙන්නේ නෑ. මොකද WhatsApp එකේ end to end encryption තියෙන නිසා A කියන කෙනාගේ සිට B කියන කෙනාට යවන පණිවුඩය ආරක්ෂා සහිතයි. මැදට ඇවිල්ල ඒ පණිවුඩය වෙනස් කරන්නත් බෑ, මැදට ඇවිල්ල ඒ පණිවුඩය කියවන්නත් බෑ. හදපු කෙනාට පවා ඒක බලන්න බෑ. encryption කියන එකේ ස්වභාවය."

එහෙත් මෙසේ පරිශීලකයන්ගේ දත්ත එකතු කිරීමෙන් එම පුද්ගලයන්ගේ පෞද්ගලිකත්වය පරිහානියට පත්වනවාද යන්න ගැටලුවක් බව පැවසූ ඔහු Facebook ආයතනය පුද්ගලයන්ගේ දත්ත ඒකක (data points) 6600 ක් පිළිබඳ දැනටමත් දන්නා බව කීය..

"data point එකක් කියන්නේ, age, sex, location වගේ දත්ත 6600 ක් facebook එක දන්නවා ඉතින් එත් එක්කම ඔයාගේ WhatsApp usage pattern එකත් එකතු උනාම ඔයාගේ පෞද්ගලිකත්වය කියන එක ගැන ලොකු පිංතුරයක් ඒගොල්ලන්ට එනවා. ඉතින් ඒක ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රධානම අදායම මාර්ගය වන advertising නේ. ඒ Advertisers ලට මේ තොරතුරු ටික දීලා තමන්ට අවශ්‍ය විදිහට advertisements ටික කෙලින්ම customers ලට යවන්න කටයුතු කරනවා."

"අපි දන්නවා ඕනෑම කෙනෙක්ට facebook එකේ advertisement එකක් දාන්න පුළුවන් කිසිම පාලනයක් නෑ එතන තමයි danger එක. ඒගොල්ලෝ එන්න එන්නම මිනිස්සු ගැන දන්න data වැඩිකරන ගමන් advertisements වලට කිසිම පාලනයක් නෑ. ඒ දාන වෙළෙඳ දැන්වීම සත්‍යක්ද අසත්‍යක්ද කියන එක ගැටලුවක්. ඒ තුළින් රටේ ප්‍රජාතන්ත්‍රවාදයට හානි වෙන්න පුළුවන් , කතාකිරීමේ නිදහසට හානි වෙන්න පුළුවන්. ඇත්තටම ඇමරිකාවේ දැන් සිද්ධ වෙන දේවල් වලට යම්තාක් දුරකට facebook එක වගකියන්න ඕන කියල අදහසක් තියෙනවා. එතනයි ගැටලුව තියෙන්නේ,"

මෙහිදී ඇති ගැටලුව, දුරකථන යෙදවුමක් දත්ත එක්රැස් කිරීම නොව facebook වැනි ආයතනයක් මෙවැනි දත්ත සිය ව්‍යාපාරික අරමුණු සඳහා යොදාගැනීමෙන් ජනතාවගේ පෞද්ගලිකත්වයට සිදුවන හානිය බව ඔහු පෙන්වා දුන්නේය.

"එතැනට තමයි අපි කල්පනාකාරී වෙන්න ඕන. ලංකාවේ මේක හොඳ තැනක් මොකද අපි කවදාවත් privacy කියන එක ගැන කිසිම awareness එකක් නෑ ලංකාවේ. අපි කියනවා ලංකාවේ සාක්ෂරතාව ඉතාමත් ඉහළයි කියල. එහෙත් ලංකාවේ digital සාක්ෂරතාව ඉතාමත් ම අඩුයි. ඒක තමයි මේ වලාවේ මිනිස්සුන්ට යන්න ඕන මතය."

අසේල වෛද්‍යලංකාර පවසන්නේ බොහෝ යුරෝපිය රටවල මෙන් ලංකාවේ හා ආසියානු රටවල පුද්ගලිකත්ව රැකීමට නීති සකස් කර නොමැති බවය.

"එකක් ලංකාවේ නීති පද්ධතිය මෙයිට වඩා හොද තැනක තියෙන්න ඕන, මොකද දැනටත් ලංකාවේ data privacy පිළිබඳව නීතියක් නෑ. දැනටත් තවමත් කෙටුම්පතක් විතරයි තියෙන්නේ. තවම ඒක පාර්ලිමේන්තුවට යොමු කරලා නෑ ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙන කථිකාවත ඔස්සේ එහෙම දෙයක් සිද්ධ වෙයි කියල ඉස්සරහට."

"නමුත් මේ ඔස්සේ ගොඩාක් දෙනෙක්ට මම කියන්නේ තමන්ගේ privacy එක ගැන කල්පනා කරන්න තමන්ගේ privacy එක ගැන හිතන්න මේක තමයි ඇස් ඇරෙන එකම තැන. ඉතින් තවදුරටත් ඕගොල්ලෝ නිදාගෙන ඉන්න එපා කියන එක තමයි තාක්ෂණවේදියෝ හැටියට අපිට දෙන්න පුළුවන් අවවාදය."

අසේල වෛද්‍යලංකාර තවදුරටත් පැවසුවේ WhatsApp ආයතනය යුරෝපීය පරිශීලකයන් වෙත නිකුත් කළ නිවේදනයේ බොහෝ ඇල්මැරුණු ස්වභාවයක් වූ බවය. එම රටවල පවතින පෞද්ගලිකත්වයට අදාළ දැඩි නීති නීති මෙන්ම WhatsApp ආයතනයට හා facebook ආයතනයට යුරෝපයේ දත්ත අවභාවිතය සම්බන්ධයෙන් දඩ ගෙවීමට සිදුවීම ඊට හේතුවන්නට ඇති බවද ඔහු පැවසීය.

"WhatsApp pay ගියහම කරන සියලුම ගනුදෙනු පිළිබඳ තොරතුරු ඒගොල්ලන්ට ගන්න පුළුවන්. ඔයා මොනවාද මිලදී ගන්නේ මොන දොස්තරට ද ගෙවීම් කරන්නේ කියන එක මත ඔයාට advertisements එවන්න පුළුවන් මොන බෙහෙත් ද ගන්න ඕන කියන එක ගැන. උදාහරණයක් හැටියට ඔයා psychiatric doctor කෙනෙක් හමුවීමට ගෙවීම් කරපුවහම ඔයා facebook එකට යනකොට psychiatric සම්බන්ද බෙහෙත් පිළිබඳව වෙළද දැන්වීම් එවන්න පුළුවන් එකෙන් ඔයාගේ පෞද්ගලිකත්වයට හානියට පත්වෙලා කියල ඔයාට තේරෙනවා."

කියවන්න: